ඇමති චම්පිකගේ UDA අමුතු ක‍්‍රමයකට ලාභ ලබයි.. වසර 3ටම ලාභය මි. 2531යි.. ආයෝජනය මි. 17,555යි.. ඉතිරියි මිලියන 15,000 කාගේද..

November 21, 2017 at 12:12 am | lanka C news
ඇමති චම්පිකගේ UDA අමුතු ක‍්‍රමයකට ලාභ ලබයි.. වසර 3ටම ලාභය මි. 2531යි.. ආයෝජනය මි. 17,555යි.. ඉතිරියි මිලියන 15,000 කාගේද..

20 වෙනිදා ලංකාදීප පුවත්පතේ සම්පූර්ණ පිටුවක් පුරවා වෙළෙඳ දැන්විමක් පල කොට ඇත. ඒ නාගරික සංවර්ධන අධිකාරිය හා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගිනි. “පොදුජන මෙහෙවර ඉටුකල දෙවසර” ලෙස එම වෙළෙඳ දැන්විම නම් කොට ඇත, එහි සඳහන් වනුයේ” රාජ්‍ය ආයතනයක් ලෙස වැටුප් හා නඩත්තු සඳහා භාණ්ඩාගාරයට බරක් නොවෙමින් සංවර්ධන කටයුතුවලට වැයබර දරමින් ලාභ උපයන ආයතනයක් බවට නාගරික සංවර්ධන අධිකාරිය පත් කරන්නට අපට හැකිවිය” යන්නය.

මෙහිදී අපි යනු මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යා චම්පික රණවක මහතා ලේකම් නිහාල් රූපසිංහ මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරින් විය හැකිය.

එහෙත් මෙහි පුදුමය උපදවන කරුණ වනුයේ අමාත්‍යවරයාගේ කාලය අවුරුදු 2 ක් සේ එහි සඳහන් වේ, ඒ 2016 සහ 2017 ලෙසයි. එහෙත් යහපාලන ආණ්ඩුවේ සම්පූර්ණ වසර 3 හි ආදායම් ලෙස එකතුව රුපියල් මිලියන 9371 කි, වියදම් එම කාලය සඳහා රුපියල් මිලියන 6900 කි, ලාභය එම අවුරුදු 3 සඳහාම රුපියල් මිලියන 2531 කි.

එහෙත් අමාත්‍යවරයා කියා සිටින්නේ මහා භාණ්ඩාගාරයෙන් කිසිම මුදලක් ලබා නොගෙන මිලියන 17,555,52 ආයෝජනය පසුගිය වසර දෙක තුල සිදු කලා යන්නයි. එසේ නම් එම දැන්වීමේ සඳහන් ආකරයට යහපාලන වසර 3 තුල ලාභය මිලියන 2531 කි. ඉතිරි මිලියන 15,024,52 කාගේ සල්ලි ද?

දැන්විම හරහා අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම මහින්ද රාජපක්ෂ යුගයේ ආයතනය තුල ඉතිරිකර ගිය මුදල වන ඉහත මිලියන 15,024,52 ගැන සැගවීමට උත්සහ දරා ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂ වසර 9 ට රුපියල් මිලියන 15000 ක් ලාභය ඉතිරිකොට ගොස් ඇත්තේ කොළඹ නගරය පමණක් නොව කෝට්ටේ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම නාගරික සංවර්ධන කිසිදා නොවු විරු ලෙස සිදු කරමිනි. එමෙන්ම එම ලාභය නාගරික සංවර්ධන අධිකාරිය උපයාගත්තේ රටේ යුද්ධයක් පැවති සමයේ දි වීම මෙහි තවත් විශේෂත්වයකි.

ඒ අනුව රාජපක්ෂ යුගයේ වසරකට රුපියල් මිලියන 1669 බැගින් වසර 9 ට මිලියන 15000 ක අධිකාරිය ලාභයක් උපයා ඇත. එහෙත් පිටුවක් පුරා දැන්විමක් පලකොට ලෝකයට කියා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ වසරකට මිලියන 843 බැගින් වසර 3 සඳහා මිලියන 2531 ක් ලාබ ලැබු බවයි. එනම් එය හරියටම රාජපක්ෂ යුගයේ ලැබු ලාභයෙන් හරි අඩකි. ඇත්තවශයෙන්ම මේ ගැන පිටු ගනන් දැන්වීම් දමා ජනතාව ගොනාට ඇන්දවිම නොකොට මෙසේ ලාභය අඩුවිම ගැනත් එදා නාගරික සංවර්ධන අධිකාරිය හරහා කල සේවය වර්තමානයේ කිරිමට නොහැකි වීම ගැනත් ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුය.

ලංකාදීප පුවත් පතේ පලව ඇති දැන්විම මෙතනින්

– අන්තර්ජාලයෙනි

15,742 Viewers

2 Comments to “ඇමති චම්පිකගේ UDA අමුතු ක‍්‍රමයකට ලාභ ලබයි.. වසර 3ටම ලාභය මි. 2531යි.. ආයෝජනය මි. 17,555යි.. ඉතිරියි මිලියන 15,000 කාගේද..”

  1. sura says:

    බොරුවෙන් ම ඉපදී, බොරුවෙන් ම මිය යන ආණ්ඩුවක් මේක.

  2. panduka says:

    ආයෝජන යනු වියදම් හෝ ආදායම් නොවේ. ආයෝජන යනු රජයෙන් විවිධ ව්‍යාක්‍රුති සඳහා වැය කල මුදල්‍ ය​. ඒවා රාජපක්‍ෂලාගේ කාලයේ ඉතිරිකල ආදායම් නොවේ. ආදායම් (බදු වැනි මුදල්) සහ වියදම් (වැටුප් ගෙවීම් ආදී වශයෙන්) මේ දැන්වීමේ ටේබල් එකේ සටහන් කොට ඇත​. ආයෝජන මුදලින් ලාභය අඩු කිරීම තේරුමක් නැති දෙයකි. එවැනි ආදායම් ඇත්නම්, වියදම් අඩු කල පසු ඉතිරිය භාණ් ඩාගාරය යැවිය යුතුය​. සිල්‍ රෙදි බෙදා හැරීම වැනි දේ කිරීමට යොදා ගත නොහැක.

Main News