ඇමති චම්පික රණවක ඉල්ලා අස්වෙයි.. ජනාධිපතිටත් දන්වයි..

March 25, 2017 at 9:20 am | lanka C news
ඇමති චම්පික රණවක ඉල්ලා අස්වෙයි.. ජනාධිපතිටත් දන්වයි..

චීන සමාගමකට හම්බන්තො වරාය වසර 99ක කාලයක් සදහා පැවරීමේ ගිවිසුම ක‍්‍රියාවට නැංවීම සදහා නම් කර ඇති ඇමතිවරුන් හත් දෙනෙකුගෙන්යුත් ඇමති අනු කමිටුවෙන් ඇමති පාටලී චම්පික රණවක මහතා ඉවත් වී ඇති බව ලංකාදී පුවත්පත වාර්තා කරයි.

තමන් එම කමිටුවෙන් ඉවත් වන බවද ඇමතිවරයා විසින් මේ වන විටත් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නිරීක්‍ෂණ නොසලකා මෙම ගිවිසුම සකස් කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ වරාය ගිවිසුම සම්බන්දයෙන් ලිඛිත නිර්දේශ ජනාධිපතිවරයා වෙත ලබා දී තිබුනද එම කමිටුවෙන් ඉවත් වීමක් සිදු කර නැති බවයි.

50 views
Main News