ඇමති ජී.එල්.ට එරෙහිව විරෝධතා.. අනුරුවක් ගිනි තියයි…

June 20, 2022 at 2:10 pm | lanka C news
ඇමති ජී.එල්.ට එරෙහිව විරෝධතා.. අනුරුවක් ගිනි තියයි…

මානව හිමිකම් කව්න්සලයේදී ශ්‍රීලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විසින් සිදුකල ප්‍රකාශයන්ට එරෙහිව විරෝධය පාමින් ඊයේ (19) සවස යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනය නල්ලූර් කයිලාස හින්දු කෝවිල ඉදිරිපිටදී යාපනයේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් මෙලෙස විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් , අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,

‘විදේශ අමාත්‍යවරයා විසින් මානව හිමිකම් කව්න්සලෙය්දී උතුරේ අතුරුදහන් වූවන් සහ දේශපාලන සිරකරුවන් පිළිබඳ සිදුකල ප්‍රකාශයන් දඩි ලෙසි හෙලා දකින අතරම එම ප්‍රකාශයන්ගෙන් උතුරේ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවටත්ය.

අනතුරුව විරෝධතා කරුවන් විසින් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී විදේශ අමාත්‍ය .ජී.එල්. පීරිස් මහතාගේ අනුරුව සහිත වූ පඹයෙකුටද ගිනිතැබීමට පිවර ගනු ලුබූ අතර විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයන්ට එරෙහිව දෙමළ ජනතාව පෙලගැසිය යුතු බවටද විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසූහ.

විරෝධතාවය අවසානයේදී විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් යාපනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය භාරදීමටද පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

34,497 views

6 Comments to “ඇමති ජී.එල්.ට එරෙහිව විරෝධතා.. අනුරුවක් ගිනි තියයි…”

  1. Helaya says:

    Loakaye siyaluma rata wala demala sambawayak ethi nam wenaskaragena athurudahan una bawa kiyana damilayan sitithi.eya sanatha kalaheki saakshi thibe

  2. ayotallah says:

    These are LTTE followers who are cap lazing on sinhalese opposition to the present government to sneak through to establish a tamil raj in North. The Government should nullify these protests at once arresting them all and jail them for several years as what has happened those terrorists prior to 2009

  3. SANA says:

    Yew JVP and NGOs too

  4. john the Baptice says:

    දෙමල ජනතාව නොමග යවන්නේ මේ කාලකන්නි දෙමල දේසපාලුවෝ මුන්ට පාඩමක් දිය යුතුය.

    • aanamaduwe maanavadu says:

      demala desapaaluwanta paadamak ugannanna issella kurus wesige puthaa tho denaganin rajapakayan visin visikkorana un sooppukorala ahakadaapu urumas katta thoge athe randavaaganna. oita wediye deyak umbata
      koranna behe umbata molayakuth nehe uru johno.

  5. Dengu Nona says:

    Penis Lokkaata Wibhaaga sahathika misa Molayak nehe. Satha Pahaka wedak nethi Gon Bijjek !!

Main News