ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

November 3, 2021 at 2:10 pm | lanka C news
ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

පොහොට්ටුව පක්ෂයේ ආරම්භක සභාපති ලෙස කටයුතු කළ ඇමැති ජී. එල්. පීරිස්ද බලවත් සිත් තැවුලට ලක්ව ඇති බව ආරංචි මාර්ග කියයි. මීට හේතුවී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය බවද කියවේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ අද්මිරාල් ජයන්ත කොළඹගේය. ජී. එල්. හා කොළඹ ගේ ගැටුම කරළියට පැමිණ ඇත්තේ මීට දවස් දෙක තුනකට පෙරය. ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට යාමට පෙර ඒ වැඩ කටයුතු සූදානම් කිරීමට ජී. එල්. ලන්ඩන් නුවර බල පිටත් වී ඇත. ජී. එල්. මෙම ගමනට ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ අයෙක් වූ ගම්ලත් නැමැත්තකුද සහභාගී කරගෙන ඇත.

නමුත් ලන්ඩන් සිට ස්කොට්ලන්තය බලා යන කණ්ඩායමෙන් ගම්ලත්ගේ නම ඉවත් කර ඇත. ඇමැතිගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ කෙනෙක් රැගෙන යාමට දෙන්න බෑ කියා අද්මිරාල් දුන් නියෝගයකට අනුව ගම්ලත්ගේ නම කැපී ඇති බව කියවේ.

නමුත් ඇමැති ජි .එල්. ගම්ලත්ව ස්කොට්ලන්තය බලා රැගෙන ගොස් ඇත. ‘‘අඩුම ගානේ වයස ගැනවත් හිතන්න තිබුණා. බෑග් එකවත් අරගෙන යන්න කෙනෙක් ගෙනිච්චාම මොකද වෙන්නේ ‘‘ කියා මේ වන විට ඇමැතිවරයාට හිතවත් අමත්‍යංශයේ අය කතාබහ වන බව ආරංචි මාර්ග කියයි.

එකී ආරංචි මාර්ගම වැඩි දුරටත් පවසන්නේ ඇමැතිට පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය ගෙනියන්න බෑ කියන අද්මිරල් පසු ගිය දිනක මොස්කවු හී කළ සංචාරයට තමන්ගේ පෞද්ගලිකකාර්ය මණ්ඩලයේ අයෙක් රැගෙන ගිය බවයි. මෙලෙස අමාත්‍යංශ ලේකම්වරයෙක් තමන්ගේ බෑග් එක උස්සගෙන යාමට සහයකයෙක් රැගෙන ගියේ ප්‍රථම වතාවට බවත් කියයි.

මේ දෙදෙනාගේ ගැටුමේ උච්චතම අවස්ථාව උදාවී ඇත්තේ‍ ජනාධිපතිවරයා සිය දේශනය කිරීමට යන විටදීය. දේශනය සඳහා ජනාධිපති සමග ඇතුළට යන්න දෙන්නේ එක් අයකුට පමණි. ‍අද්මිරාල් එතැනදීත් ජී. එල්. ගේ නම කපා ලලිත් වීරතුංගගේ නම දමා ඇත. කෝපය ඉහ වහ ගිය ජී .එල්. බැරිම තැන කෙලින්ම බැසිල්ට ඇමැතුමක් දී සියල්ල මුල සිට කියා ඇත.

– Aruna

120,845 views

23 Comments to “ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..”

  1. Sun says:

    Old fellows have to pack their bags. They know only the old stuff. Too many old people are in the cabinet who know nothing other than counting money. That is the main reason for the downward economy.

  2. Batis says:

    Oya geniyanne bag ussannama nevilu. Oya gal kolleklu kiyala campus eke kasu kusuwak e kaledith thibuna.

  3. jude perera says:

    ranaviruwawa beragena mahallawa pension yawamu

  4. Sajith premadasa says:

    Writing from Aberdeen Scotland

    Army people does not fit everywhere
    This is the weakness of GR
    Actually foreign secretary should be a carrier diplomat
    Who has studied diplomacy as a career
    SL has not learned lessons for 73yrs
    Pathetic
    Feel sorry for my country and people

    • Ranga says:

      Totally disagree with you… It has been shown that many of our socalled deplomats have been failed after independence. But many of the develpoed countries also have been gained success by using ex military personal as secretaries and deplomats including Sec to the UN. Here its clear that these politicians cannot play as they wish and did with public money when ex. military are there.. Even some public service persons also face the same difficulty.. Thats why they together going against ex.military sec s.. and diplomats…

  5. Kandy man says:

    අපි රනවිරැවට ගරැ කරනවා…නමුත් සියලු දෙනා නියම වයසෙ විස්රාම ගන්න අවශ්‍යයි …..රනවිරැවට , නිලදාරින්ට කියල මෙව්ව වෙනස් වෙන්න බෑ…ලොං හැලිච්ච නාකි හංපඩ කොන්ඩෙ ඩයි කරගෙන හිහිතන්නේ තමයි තරැනයි කියලා….
    සිවිල් පරිපාලනය සිවිල් පුරවැසියන් ටදිය යුතුයි …..ජෙනරාල් , කොමාන්ඩ හැම ලබ්බටම දාලා බෑ….දාන උනුන් දැනගන්න ඕනෑ …මෙව්වා ගන්න උනුන් දැනගන්න ඕනෑ ….. මේක දැන් විකාරයක් වෙලා මිනිස්සු ගරහන තත්ත්වයක් ඇතිවෙලා ති⁣යෙන්නෙ …

  6. sirasa says:

    ARUNA MEWA DAKKADA – MUNGE BORU PATHARE WIKUNA GANNA

  7. Hi says:

    මේවා දැන්වත් නැවැත්විය යුතුයි. බෑග් අල්ලන්න හරි මොකකට හරි මිනිස්සු අරගෙන යන්නෙ අම්මා අප්පගෙ බූදලයක් නෙවිනෙ.
    අද්මිරාල් හිටපු නිසා මහජන මුදල් අවභාවිත පල්ලියට ආවා.
    සිවිල් නිලධාරියෙක් බොහෝ විට (පරිපාලන )
    හිටියා නම් මේ කිසි දෙයක් එලියට එන්නෙ නෑ.
    ඔක්කොටම කලින් දූෂිත මගෝඩි දේශපූලුවන්ට කඩේ යන පරිපාලන නිලධාරීන් ටික එලෙව්වා නම් හරි.
    එතකොට හොර පාලුවොත් දෙසරයක් හිතාවි හොර වැඩක් කරන්න කලින්.

  8. Nalin says:

    ඔස්ට්‍රලියාවේ තානාපති තනතුර පුරවන්නේ නැතිව හොර ගල් අහුලා අහුලා ප්‍රතික්ෂේප වන අයගේ නම් ඉස්සරහට දමමින් මෙය රකිමින් සිටින්නේ කවුරුන් වෙනුවෙන්ද? කවුරුන් කැපෙන කොට එම තනතුර ඉල්ලා බාගෙන් කිරීමටද? ජනතාව වීමසිල්ලෙන්. ඔවුන් දන්නවා මේ කවුද මොකද කරන්නේ කියලා.

Main News