ඇමති ජොන්ස්ටන් මගේ බිල්ඩිම බලෙන් අල්ලගෙන.. වෛද්‍යවරයෙක් වහලය උඩට නැග විරෝධතා.. වහලයෙන් වැටී ඔහු රෝහලට..

March 9, 2021 at 10:26 pm | lanka C news
ඇමති ජොන්ස්ටන් මගේ බිල්ඩිම බලෙන් අල්ලගෙන.. වෛද්‍යවරයෙක් වහලය උඩට නැග විරෝධතා.. වහලයෙන් වැටී ඔහු රෝහලට..

තමන්ගේ ගොඩනැගිල්ලක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලෙන් පදිංචි වී සිටින බව පවසමින් නිකවැරටිය කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අද එහි වහලය මත නැගී විරෝධතාවයක් සිදුකළේය.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බොරු පැමිණිල්ලක් ද සිදුකර ඇතැයි පැවසූ ඔහු ඊට විරෝධය පාමින් කියා සිටියේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවහොත් වහලයෙන් බිමට පනින බවයි.

අදාල ගොඩනැගිල්ල නඩුවක් පවතින ගොඩනැගිල්ලක් බවත් එසේ වුවද ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ කාර්යාලයක් එහි පවත්වන බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වුවත් ටික වෙලාවකින් වෛද්‍යවරයා එම ස්ථානයෙන් බිමට ඇද වැටුණු අතර රෝහල් ගත කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කරන ලදී.

63,895 views

17 Comments to “ඇමති ජොන්ස්ටන් මගේ බිල්ඩිම බලෙන් අල්ලගෙන.. වෛද්‍යවරයෙක් වහලය උඩට නැග විරෝධතා.. වහලයෙන් වැටී ඔහු රෝහලට..”

  1. ගොන් බයියා says:

    සීනි බදු වන්චාවෙන් මහජන මුදල් කෝටි එක්දාස් ගානක් මුස්ලිම් මුදලාලිට ලබා දුන් දේසප්‍රෙමි රජයට අපේ උපහාරය….

  2. Padeniya says:

    දේශපාලන බලය ඉස්සරාහා මේ මනුස්සයා අසරන වෙන්න ඇති. මේ ආන්ඩුවට චන්දෙ දුන්නෙ පිරිසිදු පාලනයක් ගෙන්න. මොකද ගෝඨාභය මහත්තයා ගැන විශ්වාසයක් තිබ්බා ඒත් ඇත්තටම උනේ හොරු ටික ගෝඨාභය මහත්තයාව අත් අඩංගුවට ගත්තා. දැන් නම් “ස“ ෆෙල් වෙනන යනවා වගෙ.

  3. kawinda says:

    athigaru aanduwe palamu prathipaththiya saha kriya piliwela anuwa meweni de karana methi emathi warun me aanduwe sitinnata vidihak nehe. meka ape sri lankawe siduweemak newei wenna ethi.wena rataka ekak mage hithe.

  4. in says:

    mokada venna yan ne

  5. prasanna, semasinghe JONSTAN weni atapas kalakanni nisa GOTABAYA apagatha wenawa ratin elawa mericawata gos petrol pump karanna wenawa sure

  6. ජොන්සන් කියන්නේ අමුම අමුම හරකෙක්

Main News