ඇමති ජෝන්ට එජාප සංවිධායිකා රෝස් කුණුහරුපෙන් බනී..
April 18, 2017 at 3:00 pm | lanka C news
කටාන ආසනයේ එජාප සංවිධායිකා රෝස් ප්රනාන්දු මහත්මිය විසින් සංචාරක ඇමති ජෝන් අමරතුංග මහතාට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බව වාර්තා වෙයි.
මෙම බහින්බස් වීම සිදුව ඇත්තේ ගුවන් තොටුපල කුළී මෝටර් රථ ටෙන්ඩරය සම්බන්ධයෙන් ඇති වූ ප්රශ්නයකදීය.
ටෙන්ඩරය ලබා දුන් අයට පිටින් වෙනත් අයකුට ලබා දීම ඇමති ජෝන්ගේ මැදිහත්වීම මත සිදු වුනු බවට රෝස් ප්රනාන්දු චෝදනා කරයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිතවතෙකුට ටෙන්ඩරයට පිටින් මෙසේ වාහන පහක් දැමීමට ඉඩ දී ඇති බවත් ටෙන්ඩරය ගත් අයට පිටින් එවැන්නක් කළ නොහැකි යයිද ඇය කියා සිටී.