ඇමති ජෝන් අණ්ඩුවෙන් යන බව ජනාධිපතිට කියයි… තනියම යන්නැයි ජනාධිපති කියයි.. 20-25ක් ගැලවෙන බවට වාර්තා..

May 11, 2017 at 10:02 am | lanka C news
ඇමති ජෝන් අණ්ඩුවෙන් යන බව ජනාධිපතිට කියයි… තනියම යන්නැයි ජනාධිපති කියයි.. 20-25ක් ගැලවෙන බවට වාර්තා..

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා එන සැප්තැම්බර්වලට පෙර අනිවාර්යයෙන්ම මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව යන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

මේ සම්බන්ධව එතරම්ම හොද ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා විසින් පෙන්වා නැති බවත් ජනාධිපතිවරයා බලාපොරොත්තුව වසර දෙක අවසන් වීමෙන් පසු තවත් කාලයක් ආණ්ඩුව හවුලේ කිරීමට බව වැටහුණු අමාත්‍යවරයා දැඩිව තම ස්ථාවරයේ සිටි බැවින් අවසානයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ යනවා නම් තනිවම යන ලෙසත් වෙන අයව යෑමට ධෛර්යමත් නොකරන ලෙසත් යයිද එම වාර්තා සදහන් කරයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට 20-25 ක් පමණ වන මැති ඇමති පිරිසක් ලබන සැප්තැම්බර් වලදි ඉවත්වීමට මේ වනවිටත් තීරණය කොට ඇතැයිද වැඩි දුරටත් දැක්වෙයි.

48 views

15 Comments to “ඇමති ජෝන් අණ්ඩුවෙන් යන බව ජනාධිපතිට කියයි… තනියම යන්නැයි ජනාධිපති කියයි.. 20-25ක් ගැලවෙන බවට වාර්තා..”

  1. bend to bend says:

    සිරිසේන ගාල්ලෙන් අනා ගත්තේය​.රනිල් සිරිසේනගේ එක මිටට සංකල්පය සිරිසේනටත් නොදැනීම ගෙඩිය පිටින් ගෙන හරි අතට සාක්කුවේ දමා ගන්නට පාර කපා ගත්තේය​.මෙයට කියන්නේ වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මගුල් කියාය​.ඉතිහාසයේ මෙතරම් පච පීචං වූ ආණ්ඩුවක් තිබුනේම නැත​.ජනතා පරමාධිපත්‍යට පයින් ගසා නොහැකියාව වහ ගැන්මටද නොහැක​.ප්‍රතික්‍ෂේපිතයන් පෑල දොරින් ගෙට රිංගවා ගැනීමේ ආදීනව මුළු හවුල් ආණ්ඩුවම අත් විඳිමින් සිටී.රනිල් ෆොන්සේකා ලවා සිය පක්‍ෂය වල දමන්නට මිනී පෙට්ටිය සකසමින් ඉන්නේය​.ෆොන්සේකා චන්ද කඩන මැෂිමක් වී හමාරය​.උදේ හවා පච කෙලිනා එජාපයට හේත්තු වූ අපතයින් එකී මිනී පෙට්ටියත් සමගම වැලලෙන්නට දත කමින් ඉන්නේය​.සිරිසේන හා එකතුවූ ප්‍රතික්‍ෂේපිතයින් එජාප අපතයින්ගේ අවලාද අසමින් පට්ට අපතයින් බවට පත්ව එකත්පස්ව හිඳිති.මේ වනාහී දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීමකි.

  2. Nandasoma says:

    මං නං හිත්න්නේ නෑ ඕක වෙයි කියලා. බල්ලෙකුට මස් මොකුත් නැති කටුවක් දුන්නාම ඌ ඒක මාර පෙරේත කමින් ලෙව කනවා. කීයටවත් අත අරින්නේ නෑ. වෙන කාටවත් ලං වෙන්න දෙන්නෙත් නෑ. අන්තිමට කටුවේ තියෙන උල් වලට දිව තුවාල වෙලා උගේම ලේ ලහ උටම දැනෙ⁣නවා.එතකොට නං ඒ කටුව කීයටවත් ඌ අත අරින්නේ නෑ. ශ්‍රී ල නි ප ඇමතිලාත් අන්න ඒ කටු රහ වැටිච්ච බල්ලො වගේ…..

    කොහේ ගියත් කමක් නැහැ… හැබැයි මහින්ද මහත්මයාගේ අලුත් පක්ෂෙට ගන්නවා නෙමෙයි. ඒ පක්ෂේ ඇතුලේ දැන් ඉන්න පරණ කට්ටිය ඇති. ඔයිට වඩා එක්කෙනෙක්වත් ආණ්ඩුවෙන් ගන්න එපා. ඉදිරියට එන මොනම මැතිවරනයකදිවත් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන එකෙක්වත් ගන්න එපා. ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් හදන්න නම්, මහින්ද මහත්මයා වටේ ඉන්න පිරිස සමග තවත් අලුත් අවංක ගමේ මිනිස්සු ටිකක් දාන්න. කිසිම දුකක් නොවිද ගමේ මිනිස්සුන්ව දිනා ගන්න පුළුවන්.

  3. sunimal says:

    මේකත් ආප්ප කාලා ගිය එකෙක්

Main News