ඇමති ඩලස් ඉල්ලා අස්වෙයිද.. විදුලි බිද වැටීමට හේතුව මෙන්න..
August 26, 2020 at 9:20 am | lanka C news
පසුගිය 17 වැනි දින රට පුරා පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳවැටීමේ හේතුව සොයා බැලීමට පත්කළ කමිටුව තම කමිටු වාර්තාව භාර දී තිබේ.
ඒ අනුව හෙළි වී ඇත්තේ මෙම විදුලි බිඳ වැටීමට හේතුව මණ්ඩලයේ නිලධාරියෙකුගේ අත්වැරදීමකින් මෙය සිදුව ඇති බවයි.
විදුලිබල මණ්ඩල සභාපතිවරයා ද මෑතක දී කියා සිටියේ කෙරවලපිටිය ග්‍රිඩ් උපපොලේ විදුලි අධිකාරීවරයෙකු අතින් සිදු වූ වරදක් හේතුවෙන් පද්ධතිය අසමතුලිත වීමෙන් බිඳවැටීම සිදු වූ බවයි.
විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මහතා මෑතකදී කියා සිටියේ අදාළ විදුලිබිඳ වැටීමට වරදකරු විදුලිබල අමාත්‍යාංශය නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
විදුලිබල මණලය පවතින්නේ ද පිළිබඳ අමාත්‍යාංශය යටතේය.
ඩලස් කෙළින් මිනිහෙක්. බලන්න අස් වෙන්නෙ නැද්ද කියලා.
“පහත් තැනින් යයි ගලා ජලේ…” එක සේවකයෙකු අතින් වැරැද්දක් වුනාම මුළු රටටම විදුලිය නැතිවෙනවනම් ජාතික විදුලි පද්ධතිය වෙනුවෙන් ලක්ෂ පහ හය දීමනාත් එක්ක පඩිගන්න ඉංජිනේරුවෝ දාහක් විතර මොටද?…. මෙතන දැඩි නිළධාරීවාදයක් තියෙන බව පේනවා. ලයිට් කණුවට නගින කම්කරුවට නැති විදුලි අනතුරු දීමනා ගන්න සැප පුටු ලොක්කෝ පඳුරකට ගැගුවත් සීයක් විතර ඉන්න තරමට.
තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මෙම වාර්ථාව ජනතාවට ඉදිරිපත් කිරීමට මාධ්‍ය වගබලාගන්න.