ඇමති ඩලස් ප‍්‍රසිද්ධියේ සමාව අයදී..

February 25, 2020 at 10:40 am | lanka C news
ඇමති ඩලස් ප‍්‍රසිද්ධියේ සමාව අයදී..

දරුවන් අවුවේ නොතැබිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තමන් අතින් කඩ වූ බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ හේතුවෙන් තමන් ඊට සමාව ආයාචනා කරන බව ද ඇමතිවරයා කරන්දෙණියේ දී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.

අධ්‍යාපන ඇමතිවරයා මේ බව සඳහන් කළේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති විවෘත කිරීමේ උත්සවයේදී එහි සිසු සිසුවියන් අව්වෙන් සිටින අයුරු දැකීමෙනි.

ඇමැතිවරයා විසින් එම සිසුන් හෙවනකට යැවීමටද කටයුතු කරන ලදී.

මේ දිනවල රට පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් පාසැල් සිසු සිසුවියන් පෙරවරු 11.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුල අව්වට නිරාවරණය නො කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

167 views

13 Comments to “ඇමති ඩලස් ප‍්‍රසිද්ධියේ සමාව අයදී..”

  1. ගිරිගෝරිස් says:

    හැම තැනටම ගිහින් වැරදි කර කර සමාව ගන්නව. අලුත්ම බයි තියරිය.

  2. රත්නපාල says:

    එතුමට මේකෙන් ලකුණු ගොඩක් ලැබෙනව.

    • saman says:

      ඩලස් කියන්නේ පට්ට කපටියෙක්. සල්ලි වියදම් නොකර ප්‍රසිද්ධිය ගන්න දක්ශයා. පෝස්ටර් වලට සතපහක් වියදම් නොකර එම කරුන මාර්කට් කර පාර්ලිමේන්තු ආව පොරක්

  3. Lakshman says:

    Good move and thank you for setting an example.

  4. Lagnaa says:

    me dina 100 ta kee warak samaya gattada ?

  5. abu Bakar says:

    මේ දිනවල රට පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් පාසැල් සිසු සිසුවියන් පෙරවරු 11.00 සිට පස්වරු 03.00 දක්වා කාලය තුල අව්වට නිරාවරණය නො කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

    But principles are don’t know about this. Students are in outside.

  6. sarath chandra says:

    another buffalo in our country

  7. David Milli-banda says:

    Another educated buffalo.
    Think before you commit Dullas.

    I am begining to get angry…. Rajapakshes be aware.

  8. NAK says:

    Keep apologizing is not a very good method it couldn’t be that hard to arrange these meetings indoors so that the children wont be left exposed in the scorching sun.

Main News