ඇමති ඩලස් මහාචාර්ය නිලීකාගෙන් සමාව ගනී..

September 9, 2021 at 12:40 pm | lanka C news
ඇමති ඩලස් මහාචාර්ය නිලීකාගෙන් සමාව ගනී..

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලා තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මලවිගේ මහත්මිය විසිනි සිදුකරන ලද දේශණයක් විකෘති කළ පළ කිරීම සම්බන්ධයෙන් ඇයට සිදුවු සිත් වේදනාව තමන් අවබෝධ කරගත් බවයි.

එනිසා සියලු ජනමාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් තමන් පුද්ගලිකව ඇය අමතා සමාව ඉල්ලූ බවද ඔහු කියා සිටී.

මේ බව සඳහන් කරමින් ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

”මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනූම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්. ඉහත අන්දෝලනයට පාදක වූ, ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කල වෙබ් සම්මන්ත්‍රනයේදී ඇය විසින් කරන ලද මූළු කතාවම මා විසින් පෞද්ගලිකව ශ්‍රවණය කලා. එම නිසාම ඇය විසින් කල ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි.

එම නිසා මා සියළුම මාධ්‍ය මිත්‍රයන් වෙනූවෙන් ඇයට ඊයේ දිනයේ පූද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා. එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියළුම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා”

126,280 views

31 Comments to “ඇමති ඩලස් මහාචාර්ය නිලීකාගෙන් සමාව ගනී..”

  1. මිණී කන කිඹුලා says:

    ඩලස්, උදය, විමල් වගේ සෙට් එකක් මේ ආණ්ඩුවෙ එකතු වුනොත් රටක් හොල්ලල නතර වෙන්නෙ.. කවද හරි මේ ආණ්ඩුව ඇතුලෙන් රාජපක්ෂලට බැස්ටිය දීලා මතු වෙන්නෙ ඔය ටික තමයි..

    • sewwandi galappaththi says:

      delete උදය and විමල්

    • Jaya says:

      Udaya vimal hollanne rajapakshalage yata 2ka tama

    • දතා says:

      විමල් ගම්මන්පිල වැනි මහත්තුරු දේශපාලනය කරන්නෙ කාටවත් ගේම දෙන්න නෙවෙයි. රටට වැඩක් කරන්න. විපක්ෂයත් ඒ විදිහට හිතනවා නම් රටට ලොකු සෙතක්

    • ගෞම් ඊයාරාජ් says:

      මතං ඇත්තටම උදය ,විමල් ජොඩ්ඩ කොහෙද දන්නෑ නේහ් ? හොයාගන්නවත් නැති හින්දා ඇහුවේ , 😂😂😂

  2. මෝඩ බයියා says:

    ඕව මොනාද සර් හිරු දෙරන අන්දන ඇන්දිල්ලට විනාඩියෙන් විනාඩියට සමාව ගන්න ඕනි එහෙනම් බයි ඕඩියන්ස් එකටනෙ උන්ට ඕවයි වගක් නෑ

  3. AIC-Double Game says:

    The AIC trained me not to make any enemies until I reached my targets. I am nothing doing just talking. (hara bara talking)
    ho ho hoooooo

  4. ධර්මපාල තුමා says:

    රැකිය යුතුය මෙත් සිතය
    ඉද හිට එයි බාහිර අරමුණු අකමැති
    එලෙස යම් විට එයි අභ්‍යන්තර සිතුවිලි අකමැති
    මේ දෙකේම නොගැටෙන බව කැමති
    එලෙස රැකිය යුතුය මෙත් සිත කියති

    සමහර විට සිත යයි මුලාවේ
    විටක කෙනෙකුට තියෙන ඇලිම නිසා ද්වේෂයවේ
    තව විටක ගැටිම නිසා තරහා වේ
    ඇලිම ගැටිම නැති උපෙක්ෂාව ආඝාතය නැති සුව වේ

    සැම කෙනොගේ වගේම ගුණයක් තිබිය හැක
    එම කායික ගුණය දැක තරහා නිම කල හැක
    තව වාචික ගුණ දැක ආඝාතය නැති කල හැක
    නැතිනම් ඉදහිට වන හොද සිතුවිලි දිහා බලා සුව විය හැක

    ඉවසන්න බැරි නම් ඔබට ආඝාතය තව දුරටත්
    සිතන්න ඔහු කරන කර්මය ඔහු රැගෙන යන බවත්
    තමා කරන පින් පව් තමා රැගෙන යන බවත්
    එවිට හැකිය නොපමවා කුසලය වඩන්න එය අසත්

    ගුණයක් නැති අයද ලොවේ වසන්නේය
    ඔවුන් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතු වන්නේය
    කිම අනුකම්පා යනු අපායේ යන නිසා වන්නේය
    කරුණාව මිනිසෙකුගේ එය වන්නේය

    තරහා නැතිනම් ආඝාතය කියයි ආතතිය කියා
    මෙය ලොවේ ලෙඩෙකි බොහෝ දෙනාට තියෙන නියා
    බෙහෙත් බොති මිසදුටුවන් නොදැන ධර්මය අසා
    සියලු දෙනාට ඇසේවා බුදුන් වදාල ධර්මය නිති පතා

  5. Mahinda says:

    Hon Min Dullas , You humble attitude is appreciated .proud of you.

    • Both are AIC Limited says:

      Mahinda ha ha hahuuu huuuuu
      ubata putha hodata terenawa, nima Lankawe mole tiyena lapatiyek

  6. sanjaya mahesh says:

    අගය කල උතුයි

  7. saji says:

    dullasge drama waediy kavadath. daenwath oka navaththala waedata bahinne dullas alahasperuppa.

  8. Chathura Gunarathna says:

    Oba thuma karapu de hodai.

  9. ජපුර මා-වලිගේ says:

    අනේ මදෑ මම මේකප් නාගෙන ජනමාද්‍ය වලට කතා කරන්න ගියා. අන්තිමේදී ප්‍රසිද්ද වෙන්න බොරු Sinopharm පරීක්ෂණ කරලා මම නාගත්තා.

  10. මෝඩ පළකයා...! says:

    මෝඩ පළකයාගේ ගේ භාෂාවෙන්ම ආමන්ත්‍රණය කරනා කපටි පරගැති වංචනික අලෝපාතිකයන් අඛන්ඩ කුමන්ත්‍රණයේ… !
    මේ අලෝපාතික පාහරයන් රාජපක්‍ෂ මෝඩයන් බළයෙන් පන්නනතුරු බටහිරයන් සමග එකතුවී., අඛන්ඩ කුමන්ත්‍රණයේ

Main News