ඇමති ඩලස් මහාචාර්ය නිලීකාගෙන් සමාව ගනී..

September 9, 2021 at 12:40 pm | lanka C news
ඇමති ඩලස් මහාචාර්ය නිලීකාගෙන් සමාව ගනී..

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලා තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මලවිගේ මහත්මිය විසිනි සිදුකරන ලද දේශණයක් විකෘති කළ පළ කිරීම සම්බන්ධයෙන් ඇයට සිදුවු සිත් වේදනාව තමන් අවබෝධ කරගත් බවයි.

එනිසා සියලු ජනමාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් තමන් පුද්ගලිකව ඇය අමතා සමාව ඉල්ලූ බවද ඔහු කියා සිටී.

මේ බව සඳහන් කරමින් ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

”මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, රට වසංගත තත්වයෙන් ගිලන් වී, ඔත්පල වී සිටින මොහොතක, සිය සහෝදර පූරවැසියන් එයින් මූදවාගැනීම සඳහා ඇයගේ දැනූම, හඬ, පෞරුෂය කැපකරන සමාජ නායිකාවක්. ඉහත අන්දෝලනයට පාදක වූ, ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කල වෙබ් සම්මන්ත්‍රනයේදී ඇය විසින් කරන ලද මූළු කතාවම මා විසින් පෞද්ගලිකව ශ්‍රවණය කලා. එම නිසාම ඇය විසින් කල ප්‍රකාශයක් විකෘති කර පළ කිරීමෙන් ඇයට සිදූවූ හානිය මෙන්ම සිත්වේදනාව ද මා හොඳින් අවබෝධ කරගත්තා. එය අවබෝධ කර ගැනීමට අප සියළු දෙනාම සංවේදී විය යූතුයි.

එම නිසා මා සියළුම මාධ්‍ය මිත්‍රයන් වෙනූවෙන් ඇයට ඊයේ දිනයේ පූද්ගලිකව ආමන්ත්‍රණය කර ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසට ඇයගෙන් සමාව ඉල්ලූවා. එම නිසා මේ අත්වැරුද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනූවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කරගන්නා ලෙස මා මගේ සියළුම සහෝදර වෘත්තීය සගයන්ගෙන් හෘදයාංගමව ඉල්ලා සිටිනවා”

125,778 views

31 Comments to “ඇමති ඩලස් මහාචාර්ය නිලීකාගෙන් සමාව ගනී..”

  1. A9 says:

    ආදර්ශමත් චරිතයක්. අගයකරමු.

  2. බයියංඩි says:

    ඔය ආචාර්ය , මහාමහාචාර්යවරුන් ට වැඩිය අට පාස් උන්ට මේ රටේ බුද්දිමත් උන් කැමතියි බොලං 😀😀😀

    • ata pass nuugath adu ugath minissu ugathunta baninawa pahath karanawa. un HEENAMANEN pelenawa..namal mahachryawrunta niyoga denawa.. harak wage. three weel driverla balanna 75% ugathkama aduyi. kunuharupen baninawa. demapiyange pahath bawa penwanawa….ugathunta banina munta athma ganak giyath ugathun wenna behe.
      dalus O.L nethath jathi prangawa ethi ayek.. sathutuyi

  3. Lassana Flora says:

    Kenekuta gahala samaawa illuwata, guti kaapu ekage ridilla adu wennewath, nathi wennewath naha! Gahanna issella hithanna ona wagema, kiyanna issella kata parissam karagannath ona!

    • චණ්ඩි කොල්ලා says:

      ඇමතිතුමා කරලා තියෙන්නේ මහත්මා ක්‍රියාවක්! එතුමා පුද්ගලිකව නොකළ වැරැද්දකට එහෙත් මාධ්‍ය මගින් කල වැරැද්දකට ජනමාධ්‍ය බාර ඇමතිවරයා වශයෙනුයිඑථුම සමව ඉල්ලා ඇත්තේ.හැබැයි ඉතින් හෙඩ්ලයින් විතරක් බලලා කොමෙන්ට්ස් දාන අය හිතන්නේ ඩලස් මහත්තයා තමන් අතින් වෙච්ච වැරැද්දකට සමාව ඉල්ලුවා කියලා .

    • කුකුල මුදලාලි says:

      ගහපු ඒවා ගුටිකාපු ඒවා කතාකරන්න කලින් මුළු news එකම කියවල ඉඳපන්.. ඒකෙත් තියනවා බාගෙට කියවල බාගෙට අහල කයිය ගහන මෝඩයෝ ගැන.

      • Kukula Mudalali says:

        Modayo, mage comment eka hariyata kiyawala therum aragena comment karapang. Mage comment eke thiyenne lokaye wenade, nathuwa eka ekaage hari,varadda seweemak nemei!

  4. මරේ says:

    නියමයි! ආදර්ශවත් ක්‍රියාව අගය කරනවා. උගතුන් බුද්ධිමතුන් හෙලානොදකින ඔවුන්ගේ දැනුම රටට ප්‍රයෝජනයක් කරගන්නා රජයක්.

  5. අන්ධ යන්ගේ මෙහෙයුම.. says:

    මිට්ටා කට්ටයා .., කටින්බතල හිටවමින්,.. කේට් මුග්ධයන් පිරිවරා සිටිනා රාජපක්ෂ ගොරකයන් බළය අය දෙකම නොමැතිව සියදිවි නසාගැනීමේ අන්ධ යන්ගේ මෙහෙයුමක.!

  6. Citizen says:

    👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍

  7. මුන් මේ කරන කියන ඔක්කොම කරන්නේ ලංකාවේ මහපොළවේ පයගහගෙන නොවේ. මුන්ගේකතා හරියට සංසර්ගයේ යෙදෙනවා වගේ. එලියට ගන්නකොට ඇතුලට දානවා, ඇතුලට දානකොට එලියට ගන්නවා. මුන් ගේ දැනුම තියෙන්නේ කව්රුහරි සුද්දෙක් ලියපු කොලයක මිස මුන් කල පර්යේෂණයක ප්‍රතිඵල වලින් නොවේ. මෙයා එක්කම තව ජීවන්දර කෙනෙකුත් ඉන්නේ අර ලෙඩ්ඩු අසුපහක නියැදියකින් ලංකාවේ අනාගතය ගැන පුරෝකථනය කරපු හරකෙක්. මුන්ගෙන් ඉගෙනගන්න කොල්ලන්ට දෙයියන්ගේම පිහිටයි. කෙසේ වෙතත් අද ලංකාවේ විශ්වවිද්‍යාල වල බුද්ධිමත් මහාචාර්ය වරුන් නැත. සිටින සියල්ලම පන්දම් ඇල්ලීම සහ තරගයට බෙලිකැපීම මගින් මහාචාර්ය පට්ටම් ලබාගත් අමන කුහකයන් පිරිසකි. සමහරුන් තමාගේ ආයතනය තුලම අන්තපුර සාදාගෙන යහමින් වැජබෙමින් සිටී. මේ අද විශ්වවිද්‍යාලයක ස්වභාවයයි. මුන්ගෙන් රටට වෙන යහපත කුමක්ද.

  8. Boris Vanculenberg says:

    A very rare politician with impeccable qualities. The only politician I adore in the pohottuwa regime. There is no way other than that to show he is an excellent gentleman

  9. Kapila says:

    මේ මහාචාර්ය වරියත් කටින් බතල හිටවන තවත් බොරු බතල අලයක් පමණයි. මේ අය ගැන හරියට දැනගන්න විශ්වවිද්‍යාලයකට ගිහින්ම බලන්න ඕනෑ. එදාට මේ අය මොනතරම් ලාමකදැයි දැනගත හැක. අද මහාචාර්ය තනතුරක් සදහා එකම සුදුසුකම නම් පන්දම් ඇල්ලීමය. ඊට අමතරව බෙලිකැපීම, යටිකුට්ටු වැඩ සහ අයතා සම්භාන්ධකම්ද අතිරේක සුදුසුකම් වේ. උදාහරණ අවශ්‍යනම් කොලබට නුදුරු බුදුහිමි වැඩි පෙදෙසක තිබෙන විශ්වවිද්‍යාලයක රසායනවිද්‍යා අංශයට ගොස් බැලිය හැක. මෙම ස්ථානය අයතා සම්බන්ධවලට නම්දරපු තැනකි. එකක් හලනකොට තව එකක් එල්ලාගනී. සියලුම චරිත අංශය ඇතුළෙන්ම සොයාගැනේ.

  10. Open mind says:

    ජනමාධ්‍ය ඔබේ ආරම්භය බව දනිමු. එහෙත් වරප්‍රසාද අපේක්ෂා කරන මාධ්‍ය කරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්න එපා.

Main News