ඇමති තිගාම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට රතු එළි..

May 22, 2018 at 6:48 pm | lanka C news
ඇමති තිගාම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට රතු එළි..

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුළ එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මැතිඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන බව කඳුරට, නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හැටන් පූල්බෑන්ක් වත්තේ නිවාස 20 ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“ඇත්තෙන්ම මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 03 ක් වෙනවා. අවුරුදු 03 ක් වෙනකොට ජනතාවට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ ඒ මේ ආණ්ඩුව වැඩක් නෑ..ආණ්ඩුව මොකුත් කෙරුවේ නෑ කියලා. ඇත්තටම මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට මම දන්නවා ජාතික ආණ්ඩුවක් විදිහට අපට ගොඩක් දේවල් කරන්න බැරි උනා.

ජාතික ආණ්ඩුවේ හිටපු 16 දෙනෙක් දැන් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ 16 දෙනා අගමැතිතුමාට වැඩකරන්න දුන්නේ නෑ.. මේක කඩාකප්පල් කළා. එගෝල්ලන් ගිහිං ජනාධිපතිතුමාගේ ඔලුව නරක් කෙරුවා. තව අවුරුදු එක හමාරයි තියෙන්නේ.. ජනාධිපතිතුමාගෙනුයි අගමැතිතුමාගෙනුයි මම ඉල්ලන්නේ දැන්හරි එකමතුවෙලා එක අදහසකින් මේ ගමන ගියොත් 2020 වෙද්දි ජනතාවට ප්‍රතිඵල පෙන්නන් පුළුවන් එහෙම නැත්තම් 2020 වෙනකොට අගමැතිතුමාටත් කෙළවෙනවා.. ජනාධිපතිතුමාටත් කෙළවෙනවා.. අපිටත් කෙළවෙනවා.. ජනතාවටත් කෙළවෙනවා. දැන් හරි හිතලා බලන්න දෙන්නම එකතු වෙලා ජනතාවට සංවර්ධනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.”

– අනුර රත්නායක

38 views

6 Comments to “ඇමති තිගාම්බරම්ගෙන් ජනපතිට හා අගමැතිට රතු එළි..”

  1. Don King says:

    ජනතාව නම් හොඳට කාලා ඇඳලා ඉඳී. රටත් ගොඩක් සංවර්ධනය වෙලා ඉස්සරහට යයි.

    දැන් ඉන්න අගමැටියටයි හිටං හුටංටයි තොපිටයි කොහොමත් 2020දි කෙල වෙනඑක නම් ඉර හඳ වගේ sure.

  2. Buddhist says:

    Me kyanne aththama aththa.

  3. Mongel sajith putha says:

    AmmatA digital karaganne nethiwa hitapan digambaram

    • JUDE says:

      Government should cancelled Srimavo -Shastri pact ( ammended by 1974) due to state tamil racism and send them back to India
      Specially state tamil politic ministers exam Thigambaran , Ganeshan or Ban their political parties

  4. ගන්ජ බන්ඩා says:

    අවුරුදු තුනකට කොරන්න බැරි වෙච්ච වැඩ ඉදිරි වසර 1 1/2 න් කොරන්න බැරි බව මේ හරකට තේරෙන්නෙ නැහැ. සිංහල ජනතාව විතරක් නෙවෙය් දෙමළ ජනතාවත් තොපිට ගහල පන්නනව සත්තය්.

  5. SUNIMAL says:

    යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් වහාම එම ධුරයෙන් ඉවත් කරනු
    රටට විරුද්ධවදෙමළ ජාතිවාදය පතුරවන වතු දෙමළුන්ගේ ප්‍රජාඅයිතිය අහෝසි කර ඉන්දියාවට නැවත යවනු
    සුළු ජාතීන්ගේ මෙවැනි ප්‍රකාශවලට ඔවුන්ට නීතිමය පියවර නොගන්නේ මන්ද ?අද සුළුජාතීන්ට විශේෂ වරප්ප්‍රසාද දී තිබේද ?
    බොරු චෝදනාවලට සිංහලයන් අත්අඩංගුවට ගන්නා මේ යමපාලන රජයේ ප්‍රතිපත්ති අපි හෙළා දකිමු

Main News