Exclusive : ඇමති තොගයක් වෝටර්ස් එජ්හිදී බැසිල් හමුවේ.. 20ක් සමග ආණ්ඩුවෙන් ඉවත් වන බව සහතික කරයි..

July 20, 2017 at 11:20 am | lanka C news
Exclusive : ඇමති තොගයක් වෝටර්ස් එජ්හිදී බැසිල් හමුවේ.. 20ක් සමග ආණ්ඩුවෙන් ඉවත් වන බව සහතික කරයි..

දෙසැම්බර් මාසය වන තෙක් ආණ්ඩුවේ රැදී සිටින්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියද කිසිසේත්ම එම ඉල්ලීම පිලි නොගන්නා බවත් සැප්තැම්බරයේදී ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන් පිරිසක් ඊයේ රාත‍්‍රියේදී පැවති සාකච්චාවකදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට දන්වා තිබේ.

බත්තරමුල්ල වොට්ර්ස් එජ් හෝටලයේ පැවති මෙම හමුව සංවිධානය කර තිබුනේ හිටපු ඇමති ප‍්‍රියංකර ජයරත්න විසින් වන අතර අරුන්දික ප‍්‍රනාන්දු, නිමල් ලංසා, සුසන්ත පුංචි නිලමේ ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරන් පිරිසත් ඒ සදහා සහභාගී වී ඇත.

තව දුරටත් ආණ්ඩුවේ රැුදී සිටිය නොහැකි තත්වයක් උදා වී ඇති බවත් ගම් මට්ටමේ පාක්‍ෂිකයින් ආණ්ඩුමට දැඩි විරෝධය පල කරන බවත් පෙන්වා දී ඇති මෙම පිරිස 20ක පමණ පිරිසක් සමග ස්ථිර වශයෙන්ම සැප්තැම්බරයේදී ආණ්ඩුවෙන් ඉවත් වන බව සහතික කර තිබේ.

අද වන විට රට ඉතා අසීරු තත්වයකට පත්ව ඇති බවත් ගතයුතු දේශපාලන තීන්දුව නිසි වෙලාවට ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දන්වා ඇති බව එහිදී හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පිරිසට අවධාරණය කර ඇත.

113 views
Main News