ඇමති තොණ්ඩමන්ට විරුද්දව විරෝධතා… කාන්තාවකට කුණුහරුපෙන් බැනලා…

April 19, 2021 at 6:28 am | lanka C news
ඇමති තොණ්ඩමන්ට විරුද්දව විරෝධතා… කාන්තාවකට කුණුහරුපෙන් බැනලා…

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා කාන්තාවන්ට අපහස වන පරිදි සිදු කලේ යැයි කියන ප්‍රකාශයකට විරෝධය පාමින් වතුකරයේ කාන්තා සංවිධාන රැසක් (18) දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි උද්ඝෝෂනයක නිරත වි සිටිහ.

රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා පසුගිය දා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යාලයේදි වතු කම්කරුවන්ට රු දහසක් මුදල් වැඩි කිරිම සම්බන්ධයෙන් එම පක්ෂයේ සමාජිකයන් දැනුවත් කිරිම සදහා පැවති රැස්විමකදි කාන්තාවන්ට අපහස වන පරිදි අසභ්‍යය වචනයක් ප්‍රකාශ කලේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙන කාන්තා සංවිධාන උද්ඝෝෂණයේ නිරත වුයේ.

ජිවන් තොණ්ඩමන් රාජ්‍යය අමාත්‍යවරයා එම රැස්විමේදි වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් ලබාදිමට තමන් මැදිහත් වි කටයුතු කල බවත්, වෙනත් කිසිදු පාර්ශවයක් ඒ සදහා සහයෝගය නොදැක් වු බවත්, එහිදි කාන්තාවකට අපහස වන පරිදි පරුෂ වචනයෙන් සිදු කලේ යැයි කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍යය ඔස්සේ විකාශය වු බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි කාන්තාවන් කියා සිටියේ.

ජිවන් තොණ්ඩමන් රාජ්‍යය අමාත්‍යයවරයා සිදු කලේ යැයි කියන ප්‍රකාශය ඉල්ලා අස් කරගත යුතු බවත්, එම ප්‍රකාශයට මෙ රටේ සියළුම කාන්තාවන් එක් වි එයට විරෝධය පල කල යුතු බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි කාන්තාවන් කියා සිටියේ.

මෙම උද්ඝෝෂනයට වතුකරයේ තරුණ සංවිධාන කිහිපයක්ද සහයෝගය දැක් වු අතර එම උද්ඝෝෂනයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ                          

19,664 views

6 Comments to “ඇමති තොණ්ඩමන්ට විරුද්දව විරෝධතා… කාන්තාවකට කුණුහරුපෙන් බැනලා…”

  1. Dengu Nona says:

    kunu harupen gahannath ida thiyenawa !!

  2. දුටුගැමුණු says:

    හොදට වැඩුණු පරිනත දේදේශපාලකයන් ඔහොම කතා කියනවා ගනං ගන්න එපා

  3. Hora Gudda says:

    Ape Lankawe kalakanni, musala, jada, jathidrohi, horathadi, wanachara Sinhala deshapaluwanta, chanda balaya labaganimata, Dakunu Indiyawen apu kallathoni kabal walata Loku deshapalu balathala Putu deela. ape ahinsaka ‘Sinhala ganunta kiyala ema kalakanni, walthadi, hora, Nugath jada Kallathoni dakkunu indiawe demalunta wadinda sidu wela thiyanawa. Kunuharupa nemei, thawa tika dawasakin ape Sinhala ahinsaka ganunwa Rape, dushanaya karandath puluwan mema hora walthadi kallathoni Demalu.

  4. වියත්මග ලොරිය අතරමග කෝ බං says:

    ලොකු ම තැනත් පරිණත දේශප්ලඥයන් ට කෝල් කරලා කුණු හරුපෙන් බනින කොට, මූ හිතන්න ඇති මාත් එහෙම කරාම මටත් මිනිස්සු සලකයි කියල. ස්ක්කිලි පර වේ ගේ පුතාලට කතිරේ ගහපු ගොන්නුන්ට හොඳ වැඩේ. මූ ත් කවදාහරි කුජීත වෙලා යනවා අර මර්වින් ගේ පුතා වගේ

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    කම්කරු කොංග්‍රසයට ජෙප්පො රිංගලා ඇති. ඕකුන්ට දගලන්න ඉඩ දෙන්නේපා තොන්ඩමන් ඇමතිතුමා

  6. John the baptice says:

    මු උඩ පැන්නා වැඩියි. මොදිගේ රෙද්ද අස්සේ රිංගගෙන.

Main News