ඇමති තොණ්ඩමන් සහනාධාර පිටි කිලෝවකින් රුපියල් දෙකක් ඉල්ලලා..
March 28, 2022 at 10:40 am | lanka C news
වතුකරයේ ජනතාව වෙත රජය විසින් බෙදන සහනාධාර පිටි කිලෝවකට රුපියල් දෙක බැගින් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.
රඩය ඒ සදහා එකග නොවීම හේතුවෙන් ජීවන් තොණ්ඩමන් මහතා රජය සමග ප්‍රශ්නයක් ඇති කරගෙන ඇතැයිද ඔහු පවසයි.
තොණ්ඩමන් මහතා පිලිබදව සමාජ ජාල ඔස්සේ ප්‍රශ්න කළ අයෙකු වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව කියා ඇත.
තොණ්ඩමන් මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් නොලැබීමේ ප්රශ්නය වෙනත් විදිහකට දැන් විසඳා ඇති බවත් ඉන්දියානු කිසිදු මැදිහත්වීමක් මෙහි නැති බවත් ඇති එකම ප්රශ්නය පිටි කිලෝවකින් රුපියල් දෙකක් ලබා නොදීම බවත් ඔහු තවදුරටත් සඳහන් කර ඇත.
ඔය හොරකම් කරලා හොයන සල්ලි අමතක නොකර මැරුනාම ගෙනි යන්න ඕන. එහෙම නැතිනම් තේරුමක් නෑ.
පතිරණයා වගෙ කටුකන බල්ලන්ගෙ රාජකාරියක් තමයි ආණ්ඩුවෙන් ඉවත් වෙන්ඩ නියමිත මැති ඇමතින්ට මඩගැසීම.
ඔය තොන්ඩමන් පරපුරම කාලකන්නියො අසරන වතු කම්කරුවන් අන්දල බලය සහ ධනය ලබා ගන්නව.
මහින්ද පතිරණ ට විරුද්ධව ජීවන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගතයුතුයි..
රජයෙන් පගාව ඉල්ලීම සිරගත කිරීමට කරුණක් නොවේද? නීතිය ක්‍රියාත්මක කරන්න. නැතිනම් මේ කියන්නේ බොරු….