ඇමති දයාසිරි ජාතික කොඩිය විකෘති කරලා.. සිංහයා කඩුව මිටෙන් නොව තලයෙන් අල්ලාගෙන.. අපරාධ වරදක්..
November 1, 2020 at 1:20 pm | lanka C news
දේශීය නිෂ්පාදනයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් හඳුන්වා දෙන ලද ජාතික කොඩිය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ව්‍යවස්ථාව අනුව ජාතික කොඩියේ සිංහයා කඩුව මිටෙන් අල්ලාගෙන සිටිය යුතු නමුත් නව කොඩියේ සටහන් වන්නේ සිංහයා කඩුව තලයෙන් අල්ලා ගෙන සිටින ආකායරක් යයිද ඔහු පෙන්වා දෙයි.
ජාතික කොඩිය විකෘති කිරීම අපරාධ වරදක් බවත් එය ජනතාව අතර සංසරණය වීම වැළැක්වීමට සියලු දෙනා වහා කටයුතු කළ බවත් ඔහු සඳහන් කරයි.
ප්රයත්නය අගය කල යුතුයි. මින් ඉදිරියට දේශීය බතික් කරුවන්ට ආදායම් මාර්ගයක්. විනිමය ඉතුරුයි. රැකියා අවස්ථා උදා වේ