ඇමති දියණියගේ කෝටි කාලක මුද්ද පෙදරේරුවෙකු සොරාගෙන…

August 15, 2022 at 4:40 pm | lanka C news
ඇමති දියණියගේ කෝටි කාලක මුද්ද පෙදරේරුවෙකු සොරාගෙන…

ප්‍රබල අමාත්‍යවරයකුගේ දියණියට අයත් රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා මැණික් ඇල්ලූ මුද්දක් සොරා ගත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමති දියනිය ඇයගේ සැමියා ඇතුළු පිරිසක් සමග යාල ප්‍රදේශයේ සංචාරයක ගිය අතරතුර දී එම ප්‍රදේශය හෝටලයක නවාතැන් ගැනිමෙන් පසු මෙම සිදුවීම සිදුව ඇත.

හෝටල් පරිසරයේ පිහිටියේ නාන කාමරයේ ඇය දිය නා ඇත්තේ අත පැළඳි මුද්ද ගලවා තමා කාමර බිත්තිය මත තබාය.

හෝටලයට සර්පයෙක් පැමිණ ඇතැයි කිසිවකු කෑගැසීමෙන් ඇති නාන කාමරයෙන් ඉවතට ගොස් ඇති අතර පසුව ගොස් බලද්දී මුද්ද අතුරුදහන් වී තිබිණි.

හෝටලයේ කැමරා දර්ශන සෝදිසි කිරීමේදී හෙලිව ඇත්තේ මෙය කිසියම් පුද්ගලයෙක් විසින් සොරා ගෙන යන බවයි.

මෙම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පෙදරේරුවෙක් යයි හෙලිව ඇත.

33,319 views

17 Comments to “ඇමති දියණියගේ කෝටි කාලක මුද්ද පෙදරේරුවෙකු සොරාගෙන…”

  1. Sakshi says:

    Looted public funds. Ask how such money earned by these uneducated families.

  2. Hora Detuwa says:

    Horageth Hora – Kamba Hora

  3. Lalla says:

    කෝටි ගණනක මුදු ගන්න තාත්ත කොච්චර මාටිය ගහල ඇතිද? පව්කාර හැත්ත.

  4. Sri Lankan says:

    See how those bustards families enjoy robbed public money.

  5. Niwan says:

    ප්‍රසන්නගේ දුව.
    ගේත් ගිනිබත් උනා.
    පව් අහිංසකයා ……………

Main News