ඇමති දුන්න ලැප්ටොප් පින්තූර ගත්තාට පසු ආපසු රැගෙන යයි…?

July 24, 2021 at 10:40 am | lanka C news
ඇමති දුන්න ලැප්ටොප් පින්තූර ගත්තාට පසු ආපසු රැගෙන යයි…?

වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපනපන පන කාර් යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් ඒකාබද්ධව ඉගෙනුම් පහසුකම් නගා සිටුවීම සඳහා පසුගියදා ලැප්ටොප් පරිගණක ලබා දි තිබුණි.

මෙදින චාම් උත්සවයක් පවත්වා සිසු දරුවන් වෙත ලැප්ටොප් පරිඝණක දහයක් දී ඇති අතර දරුවන් වෙත පරිගණක පරිත්‍යාග කිරීම් හා දරුවන් පරිඝනක පරිහරණය කිරීමේ දර් ශන සේයා රූ හා වීඩියෝ ගත කිරීමෙන් අනතුරුව ලබා දුන් ලැප්ටොප් යන්ත්‍ර පහක් නැවත එවෙලේම රැගෙන ගිය බව දෙමව්පියන් චෝදනා කරති.

පසුව දරුවන්ට ඉතිරි කර ගිය ලැප්ටෝප් යන්ත්‍ර පහ ගුරුමහත්ම මහත්මීන් ඔවුන්ගේ නිවෙස් වලට රැගෙන ගිය බවත් දෙමව්පියන් වැඩි දුරටත් කියයි.

මෙසේ පැවති උත්සවය සඳහා අධ්‍යාපන අමාත්‍යය ජී එල් පීරිස් රාජ්‍ය අමාත්‍යය පියල් නිශාන්ත පාර් ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුලු මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලාල් දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටි අතර

මෙම තත්වය පිළිබඳ පැහැදිලි කරමින් කලාප අධ්‍යක්ෂක දිසානායක මහතා මෙසේ පැවසීය.

අපේ මතුගම කලාපයට අයත් ඉතාම දුෂ්කර පාසල් කිහිපයක් තෝරාගෙන තමයි අමාත්‍යාංශය මේ ඉගෙනුම් පහසුකම් නගා සිටුවීමේ වැඩසටහන සංවිධානය කළේ.

මේ පරිත්‍යාගය පොදුවේ පාසලේ සෑම සිසුවෙකුටම පරිශිලනය කළ හැකි අයුරින් තමයි ලබා දුන්නේ. ඒ අනුව මේ දොඩම්පාපිටිය විදුහලේ ළමයි 51 දෙනා අතරින් හතර ශ්‍රේණි දරුවන් කිහිප දෙනකු තෝරා ගත්තා මේ පරිත්‍යාගයේ සංකේත වශයෙන් සනිටුහන් කරන්න.

ඒ වගේම ඒ මොහොතේ එතැන සිටි සෑම දරුවෙකුටම අපි සංකේත වශයෙන් ලැප් ටොප් ලබා දුන්නත් අපි නිර් දේශව වෙන් කරලා තිබුණේ ලැප්ටොප් පහක් සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් පමණයි. අද ඒ ලැප් ටොප් සහ ප්‍රක්ෂේපන යන්ත්‍රය දරුවන්ගේ ඔන් ලයින් ඉගෙනුම් කටයුතු වලට ඉන්වෙන්ට්‍රියට ඇතුළත් කරලා ගුරුවරුන්ට භාර දීලා තියෙනවා.. මේ ක වැරදී ආකාරයෙන් වටහා ගෙන ගම පුරා දෙමව්පියන් අතර වැරදි මතයක් ඇති වෙලා තියෙනවා..

ඇත්තටම මේ තරමින් හෝ පාසලේ දරුවන් වෙනුවෙන් ලැබීම ගැන දෙමව්පියන් සතුටු විය යුතුයි.

වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර
– ADA

46,515 views

18 Comments to “ඇමති දුන්න ලැප්ටොප් පින්තූර ගත්තාට පසු ආපසු රැගෙන යයි…?”

  1. NuwanJ says:

    මෙක මාධය වවන පුවතක් 5ක් ලැප්⁣ටොප් 5ක් සහ දර්සකහක් ලැබුන ලමයි 51 ක් ඉන්න පාසලට මෙතන පරිත්‍යාග කොටසකුත් තියනවා
    එම අවස්තා වට ගෙනා තව 5ක් ආපහු ගෙනයාම ඒ අයගෙ අයිතිය.
    මෙහෙම හරි ලබා දිම අගය කල යුතුයිනේද

    • Darshana abayakoon says:

      අනිවාර්යෙන්ම ලැප්ටොප් 10ම ආපහු අරන් ගියත් අවුලක් නෑ. මේක සංඛේතාත්මක පිරිනැමීමක් විතරයි. අනික ආනයන තහනමත් එක්ක රට පුරා ලැප්ටොප් හිගයක් තියෙනවා. ඒ නිසා ගම් වල දුවා දරුවන්ට ලැප්ටොප් එකක් බලාගන්න දුන්න අවස්ථාවත් ලොකු දෙයක්.

    • සෙනෙවිරත්න says:

      ළමයින්ට බොරු බලාපොරොත්තු නොදී ලැප්ටොප් පහ ගුරුවරුන්ට දුන්නනම් මේ වගේ කතා අහන්න වෙන්නෙ නැහැනෙ. දැන් මෙතන ප්‍රවෘත්තිය ලැප්ටොප් පහදීපු එක නොවෙයි දහයක් දීල පහක් අරගෙන ගිය එක. සංජීව එදිරිමාන්න බැසිල් සරණගියාට නිකං ඇදගෙන නෑව.

  2. Open mind says:

    ඩේටා ප්‍රශ්න ඊළඟට. දක්ෂ නිවේදකයෙක් වගේ ඒකට පසුව මොනවා හරි කියයි.

  3. ලැබුනු දේ ගැන සතුටු වෙනවා වෙනුවට නොලැබුනු දේ වෙනුවෙන් දුක්වීම මොන තරම් මෝඩ කමක්ද.

  4. sachini says:

    Moda harak. me wage gonnu

Main News