ඇමති දෙකකට විසි කෝටියක් පගා දී බිලියනයක වරාය ගාස්තු නොගෙවා සීනි කන්ටේනර් තොගයක් ගෙනයයි..

April 2, 2017 at 12:00 pm | lanka C news
ඇමති දෙකකට විසි කෝටියක් පගා දී බිලියනයක වරාය ගාස්තු නොගෙවා සීනි කන්ටේනර් තොගයක් ගෙනයයි..

වරය අංගනයේ රදවා තිබූ සීනී කන්ටේනර් 150කට ආසන්න ප‍්‍රමාණයක් වරාය ගාස්තු ගෙවීමකින් තොරව නිදහස් කරන ලෙද අනුමැතිය ලබා දී ඇති අතර මේ සදහා ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකුට කෝටි 20ක සංතෝෂම් මුදලක් ලබා දී ඇති බවටත් ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක් ලැබී ඇත.

ඉදිරි අවුරුදු සමයේදී සීනි හිගයක් ඇතිවී සීනි මිල ඉහල යාමේ අවදානමක් ඇතැයි පවසමින් අදාළ සීනි තොග නිදහස් කල යුතු බවට කැබිනට් මණ්ඩලයටද පෙන්වා දී තිබේ.

සීනි ටොන් 32,500ක පමණ ප‍්‍රමාණයක් මෙසේ නිදහස් කර ඇති අතර එවායේ ගුදම් ගාස්තු ලෙස රුපියල් මිලියන800-1000ත් අතර මුදලක් රජයට අයවිය යුතුව තිබූ බවද වාර්තා වෙයි.

169 views
Main News