ඇමති දෙදෙනකුගේ බලපෑම නිසා මා ඉල්ලා අස්වෙනවා.. ආසන්නම හේතුව සුදුළුෑණු ජාවාරම..- පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ

September 21, 2021 at 9:20 am | lanka C news
ඇමති දෙදෙනකුගේ බලපෑම නිසා මා ඉල්ලා අස්වෙනවා.. ආසන්නම හේතුව සුදුළුෑණු ජාවාරම..- පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ

සතොස වංචා දුෂණ ඇතුළු අක්‍රමිකතා වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඇමතිවරුන් දෙදෙනෙකු කලබල වී තමන් එම තනතුරෙන් ඉවත් කිරීමට සැලසුම් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තම ජීවිතයට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බවත් එනිසා ජනාධිපතිවරයාට මෙම සියලු තත්ත්වය ලිපියකින් දැනුම්දී ජීවිත ආරක්ෂාව සඳහා ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

තමන්ට මෙම බලපෑම් එල්ල වීමට ආසන්නම හේතුව සුදුළුණු වංචාවට එරෙහිව අදාළ අංශ වලට පැමිණිලි කරමින් තමන් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම බවද ඔහු කියා සිටියේය.

තමන් ධුරයෙන් ඉවත් වූ පසුව එම ධුරයට හෙංචයියෙකු පත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ඇති බවද පැවසූ ඔහු එවිට අධිකාරිය ඇමතිවරුන් දෙදෙනාගේ පෞද්ගලික සමාගමක් බවට පත් වනු ඇතැයිද සදහන් කලේය.

68,946 views

26 Comments to “ඇමති දෙදෙනකුගේ බලපෑම නිසා මා ඉල්ලා අස්වෙනවා.. ආසන්නම හේතුව සුදුළුෑණු ජාවාරම..- පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ”

  1. Kiribanda says:

    Munta deyyo sakki

  2. Sun says:

    These animals are the corrupted and corrupting common people in the country. Idiots. Your Kamma is behind you . Remember.

  3. baමුනා says:

    හැමතැනම යහමට ජාවාරම​
    මැති ඇමති බර ජාරම
    කට මැත බේරන පාරම
    විරතයි, නෑ අපිට බෙරුම

  4. Amda says:

    ඔබතුමා අස්වෙන්නේ නැතුව ඔවුන්ගේ මගඩි වලට ඉඩ නොදී සිටීම වැදගත් යැයි සිතනවා.

    අවංක රාජ්‍ය නිලාධාරීන් අස්වීමම හොරුන්ට වාසියක්.

    ඉන්පසු එම තනතුරට ඔවුන්ට අවශ්‍ය කෙනෙක් පත් කරගනී.
    එතකොට රටට යන කල?

  5. 2025 සොරී හොදේ says:

    මම ගිය වර චන්ද්ද ය දුන්නෙ බන්දු ල ගුනවර්දනට එන පාර සොරි තමා .
    බේබි ජනපති වෙන්න හිතාගෙන ඉන්න ව නම් සොරී හොදේ

  6. Jayantha says:

    ඔබතුමා අස්වෙන්නේ නැතුව ඔවුන්ගේ මගඩි වලට ඉඩ නොදී සිටීම වැදගත් යැයි සිතනවා.

    අවංක රාජ්‍ය නිලාධාරීන් අස්වීමම හොරුන්ට වාසියක්.

    ඉන්පසු එම තනතුරට ඔවුන්ට අවශ්‍ය කෙනෙක් පත් කරගනී.
    එතකොට රටට යන කල?
    එම නිසා ජනතාව එකතු වි ජනධිපතිතුමාට කියා බලපෑම් කර මෙම ඇමතිවරුන් දෙදෙනා පන්නමු.

  7. චන්ඩි කොල්ලා says:

    ඔබ ඔය කියන තරම් අවංක නිලධාරියෙක් නම් බයවෙන්න එප.ජනාධිපතිතුමා ඔබව ආරක්ෂා කරනු ඇත.අවශ්‍ය වන්නේ එතුමාට සියලු කරුණු වාර්තා කිරිමයි.එවිට ඔය බලපෑම් කරන ඇමැතිලා දෙදෙනාට ඔබ කරන්න යන වැඩේ කරන්න වෙයි.

  8. Kumara says:

    මෙි වගේ සෙවලයෙක් මෙි වගේ ආයතනයකට දාපුඑක වැරදියි

  9. Asela says:

    මූ සඡියට හේත්තු වෙලා ඡනාධිපතිතුමාට කෙලවන්න හදන්නේ. ඔය ගැට වලට මිනිස්සු අහු වෙන්නෙ නෑ මොඩයෝ.

  10. david milibanda says:

    These bloody shameless Ministers do not understand their Nakedness.

Main News