ඇමති ධුරයක් බාරගන්න සූදානම්..- තොණ්ඩමන්
October 29, 2018 at 8:40 am | lanka C news
වත්මන් රජයෙන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගන්නා ලෙසට ආරාධනාවක් ලැබුණහොත් තමන් එම අමාත්‍ය ධුරය භාර ගන්නා බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.
ආරුමුගන් තොන්ඩමන් මහතා ඒ බව පැවසුවේ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ලබාදිමට කැමැත්ත ප්‍රකාශ කිරිමත් සමග හැටන් නගරයේදි තොන්ඩමන් මහතාව පිලිගැනිම සදහා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු තොණ්ඩමන් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු1000 දක්වා වැඩි කිරිමට අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වු බවත්, එම පොරොන්දුව කඩිනමින් ඉටු කිරිම සදහා තම පක්ෂයේ පුර්ණ සහයෝගය අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
Dear Sri Lankans,
Just take a close look at the current situation and try to filter true patriots who wish to save the country.
DO REMEMBER the people join MR and MS for benefits and the people who join without benefits.
Teach them a lesson in next election.
Cheers.
අනේ එයාට ඇමතිධූරයක් ඕනෙලූ, දෙන්න අනේ එයා ඉතිං ආසයිනෙ.
We know that he wants a ministerial position. All the time he is like that.
මොනවා කරත් වැඩක් නැහැ අපේ රටෙි ජාතික පුතිපත්තියක් හදන්න ඔින කවිරැ හිටියත් රටට වැඩදායි වැඩ නවත්තන්නේ නැතිව දිගටම කරන්න කරන නකනා නෙමෙයි වැදගත් කරන වැඩෙි