ඇමති ධුරයෙන් අස්වෙන්න සූදානම්…- මුදල් ඇමති

May 4, 2022 at 11:20 am | lanka C news
ඇමති ධුරයෙන් අස්වෙන්න සූදානම්…- මුදල් ඇමති

රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේය.

එවන් වගකීමක් බාරගත හැකි පුද්ගලයෙකු වෙනුවෙන් තම මන්ත්‍රීධූරයත් ඇමති ධුරයත් පරිත්‍යාගය ගෙදර යාමට තමන් සූදානම් බවද හෙතෙම සදහන් කරයි.

අද පාර්ලිමේන්තුව අමතමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දැනට රට තුළ ඇති ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කර නොගත්තොත් ඉතා භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද හෙතෙම කියා සිටී.

එනිසා පක්ෂ පාට වලට බෙදී දේශපාලන අරගල වල යෙදෙනු වෙනුවට කඩා වැටෙමින් ඇති ආර්ථිකය නගා සිටුවීමට හැකි ප්‍රමාණයකින් හෝ දායකත්වය දැක්වීම සියලු දෙනාගේම ජාතික වගකීමක් බවත් හෙතෙම තවදුරටත් කියා එහිදී අවධාරණය කලේය.

59,758 views

14 Comments to “ඇමති ධුරයෙන් අස්වෙන්න සූදානම්…- මුදල් ඇමති”

  1. Ithin ain weyan api danawa sujatha ape mudal amathi kenek Bandula Gunawardana wage ugath buddhimath sinhala nayakayek

  2. BBC says:

    අලි සබ්‍රි වගේ උගත් බුද්ධිමත් දැනුමක් තිබෙන අවංක අය තමයි අපේ රටේ පාර්ලිමේන්තුවේ ඇමතිවරු වෙන්න ඕන. ඇත්තම කියනවා නම් ඔහු හර්ෂ ද සිල්වාටත් වඩා අවංකව ඇත්ත කතා කරනවා. මොකද හර්ෂ ද සිල්වත් ගොඩක් වෙලාවට කතා කරන්නේ තමන්ගේ දේශපාලන පක්ෂෙ වැරදි වහලා. අපේ රට ගොඩ ගන්න අලි සබ්‍රි ඇමතිතුමා, අලුත් මහ බැංකු අධිපතිතුමා ඇතුලු පිරිසට තවත් ශක්තිය ලැබේවා!

    We wish Ali Sabri and his group of experts all the best to save our country from this crisis.!

    • Rehan says:

      අලි සබ්‍රි වගේ උගත් බුද්ධිමත් කෙනෙක්ටත් මේ ප්‍රශ්නෙ විසඳන්න බැරි නම් දැනට ඉන්න කිසිම දේශපාලකයෙක්ට මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ

      • Manel says:

        He is the best person for the job. Honesty is No 1. Courage and education No 2 and 3. He has nothing to gain personally but the country has to gain a lot from him. As I always said he is a replica of late Mr Kadiragarmer.

        • Banda says:

          Don’t talk crap.. He is the personal lawyer of the President and his integrity is compromised..

    • country man says:

      BBC, Manel, Rehan, I fully agree with you three. Great respect for this minister.

    • ආර්ථිකය නිදොස් කොට නිදහස් කරයිද?

  3. Ithin ain weyan api danawa sujatha ape mudal amathi kenek Bandula Gunawardana wage ugath buddhimath sinhala nayakayek

  4. කපුටා පනින්න නේද සූදානම says:

    මෙතුමා මේ දින ටිකේ වගකීමෙන් වැඩ කරන කොට කපුටාට ඉරිසියා හිතිල ආයෙ මුදල් ඇමතිකම ගන්න දගලනවා වගේ. රාජපක්ෂලා නම් පුදුම විදියට සල්ලිවලට කෑදරයො. ඒකත් ඥාතිත්වය පදනම් කරගෙනයි. පේන විදියට කොරහත් බිදගෙන රටත් හින්දල බැංකු පද්ධතියත් වට්ටල යන්නයි මුං මාන බලන්නෙ. 6 වෙනිදා රටේ හැමෝටම මුන් එළවන සටනට එන්නම වෙනවා. හැබැයි ඔය සල්ලි මඩි ගහන ඇමතියන් දුටු තැන ජනතාව කෙළ ගසනු නියතයි. මුන් කරන මේ කළු පැල්ලම පරම්පරා ගානක් තියේවි.

  5. Developer says:

    කිසිවෙක් වගකීම භාර නොගැනීම නිසා තමන් night watchman කෙනෙක් විදියට ආර්ථික කටයුතු ඇමතිකම භාර ගත්තු බවත් තමාට වඩා සුදුසුකම් තිබෙන කෙනෙක් ආවොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීකමිනුත් ඉවත් වී ඔහුට මේ වගකීම භාර දෙන්න කැමති බවත් අලි සබ්‍රි පැවසුවා. ඒ වචන ටිකටත් ආදරෙයි

    දශක ගාණක ඉඳන් අපේ රටේ අය වැය හිඟයක් තිබුනා. යහපාලනේ කාලේ අපේ රටේ ආර්ථිකේ විනාශ කරපු විදිය නිසා ලංකාවේ ආර්ථිකය සුළු දේකින් පවා කම්පනය වෙන්න පුලුවන් බව ගෝඨාභය දිනන්න කලින් IMF එකෙන් නිකුත් කරපු වාර්ථාවෙත් තිබෙනවා. ඒ අස්සේ කොරෝනා ආවම කෙල විලාම ගියා.

    මාස කිහිපයකට මහබැංකු අධිපති වෙලා ඉඳපු කබ්‍රාල්ලගෙ වැරදි ආර්ථික ප්‍රතිපත්තිත් හේතු වුනා මේ අර්බුදය උත්සන්න වෙන්න. අන්තිමට රුසියානු යුද්ධේ නිසා ලෝකෙ ඉන්ධන මිල තිබුනට් වඩා දෙගුණයකටත් වඩා ඉහල ගියා. මේ හැමදේටම අන්තිමට විසඳුම් හොයන්න වුනේ අලි සබ්‍රිට

  6. Chan says:

    Great personal
    Don’t leave, if you leave corrupted person will take over

  7. නීතිඥ සංගමයේ යෝජනා පිළිපදින්න says:

    ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ මේ රටේ දූෂණය කුඩාම පොලිස් නිලධාරියාගේ හමුදා නිලධාරියාගේ පටන් සාමාන්‍යය සහ උසස් හමුදා නිලධාරියාගේ දරුවගේ අනාගතයටත් බලපාලා. මේ වෙනවිට දූෂිත පොලිස් සහ හමුදා නිලධාරී කිහිප දෙනෙක් හිත ඇතුලෙන් ආණ්ඩුව සමග හිටියට බහුතර නිලධාරීන් දන්නවා තමන්ගෙ දරුවගෙ අනාගතය මේ දේශපාලනය ක්‍රමය තුළ භයානක ලෙස විනාශවෙන යන බව. එබැවින් මේ රට යථා තත්වයට ගැනීම නීතියේ ස්වාධිනත්වය අවශ්‍යයි. එමෙන්ම රට කරවීම පෞද්ගලික ආයතනයක් කරන්නා සේ ලාභ ලැබීමටත්, සුභ සාධනයත් ගොවිතැන යනාදී කර්මාන්ත නගා සිටුවීමත් සංවිධානය කළ යුතුයි. ශ්‍රී ලාංකික තේ, ඇගලුම්, වී ගොවිතැන, මල් අපනයනය යනාදී කර්මාන්ත වට්ටා මේ රජය තාමත් තනතුරු බෙදනිමින් ඉන්නේ මේ ක්‍රමය අතුගා දැමිය යුතු ඒකායන ප්‍රාර්ථනාව ජනතාව තුළ ඇති කරමිනි. සාලිය පීරිස් ඇතුළු නීතිඥ සංගමය යෝජනා කර ඇති පරිදි වෘත්තියන්ගේ මැදිහත්වීම අවශ්‍යයි.

  8. NIm says:

    you can do it. only hope. positive thing here is , i have recognized that when the people are genuine people dont worry about religion or nationality. we are always with genuine people

  9. කෝ පත්කළ විශේෂඥ කමිටුව says:

    මේ‍න කමෙන්ට් දාපු පිස්සෙක් නැව ගිලෙන අස්සෙ අලි සබ්‍රි ඇමතිතුමා සිංහල නොවීම ගැන දොඩවනවා. දැන්වත් මනුස්සයෙක්ගෙ දක්ෂතාව සහ ප්‍රතිපත්තිගරුක බවට ගරු කරන්න ඉගෙන ගන්න. මම සිංහල වුනත් අපේ මිනිස්සු අතර අවංක, සේවයට කැපවුනු දක්ෂ අය වගේම , හිත වංචාවෙන්, අපවිත්‍ර චේතනාවෙන් වගේ හිංසාවාදී මිනිස්සු ඉන්න බව පිළිගන්නවා.

Main News