ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.. – මනෝ ගනේෂන්..

October 9, 2016 at 4:05 am | lanka C news
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.. – මනෝ ගනේෂන්..

සිය අමාත්‍යංශයට භාරව ඇති සංහිඳියා විෂයට අදාළ වැඩ කටයුතු බාධාවකින් තොරව කර ගෙන යාමටත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට දායකත්වය ලබා දීමටත් නොහැකි නම් තමන්ගේ ඇමති ධුරයෙන් ඉවත් වීමට සුදානම් බව ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

මින් සති දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නමින් කැබිනට් සන්දේශයක් ඉදිරිපත් වූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග භාරව සිටින ජාතික ඒකාබද්ධතාව සහ සංහිඳියා කාර්යාංශයෙන් (ONUR) එම පත්‍රිකාව සකසන ලද බවයි අමාත්‍ය මනෝ ගනේෂන් පවසන්නේ.

සංහිඳියා විෂය සම්බන්ධයෙන් අමාත්‍යංශ කීපයක් කටයුතු කරන බැවින් ජාතික සංහිඳියා ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නේ නම්, ජාතික සහජීවනය, සංවාදය සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය සමගත් එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තමන් සමගත් සාකච්ඡා කළ යුතුව ඇති බව තමා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි මනෝ ගනේෂන් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

රටේ සංහිඳියාව ඇති කිරීම පිණිස නිර්මාණය කෙරෙන වැඩ සටහන තුළත් සංහිඳියාවක් නොමැති නම් රට ඒ දෙසට ගෙන යන්නේ කෙසේ දැයි තමන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අදාළ කැබිනට් පත්‍රිකාව පෙරට ගෙන යාම නතර කළ ජනාධිපතිවරයා සිය ඉල්ලීම පරිදි හිටපු ජනාධිපතිනිය ඇතුළු සංහිඳියා විෂයට අදාළ
වගකීම් පැවරුණ සියලු අමාත්‍යංශ සහ පාර්ශවයන්හි අදහස් විමසා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට කැමැත්ත පළ කළ බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

සංදේශය විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ එකම විෂය අමාත්‍යංශ කිහිපයකට පැවරීම තුළින් මෙවැනි ව්‍යාකූලතා ඇති වන බවයි.

ඒ අනුව මේ වන විට සිය අමාත්‍යංශය හැරුණු කොට සංහිඳියා විෂය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යටතේ පවතින ජාතික ඒකාබද්ධ සහ සංහිඳියා අමාත්‍යංශයේ කොටසක් ලෙස පවතින සංහිඳියා කාර්යාංශය, විදෙස් අමාත්‍යංශය සහ අගමැති කාර්යාලය හරහා ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමේ ආයතනයක් පවා වගකීම් දරන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් පැහැදිලි කළේ.

මෙම ආරවුල විසඳා ගැනීමට ජාතික ඒකාබද්ධතාව සහ සංහිඳියා කාර්යාංශය (ONUR) භාරව කටයුතු කරන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග සාකච්ඡා කිරීමට තමන් ගත් සියලු ප්‍රයත්න අසාර්ථක වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ තමන් අමාත්‍යංශ ගණනාවක් සමග එකතු වී කටයුතු කිරීමට කැමති නමුත් සිය අමාත්‍යංශය භාරව පවතින විෂයයක් සම්බන්ධයෙන් වෙනත් ආයතනයක් හෝ පාර්ශවයක් තනිව සැකසූ ප්‍රතිපත්තියකට කැමැත්ත පළ කරමින් අත එසවීමට තමන් සූදානම් නැති බවයි.

මෙවැනි ක්‍රියා හේතුවෙන් අමාත්‍යවරයෙකුට අභිමානයක් ඇතිව සිය අමාත්‍යංශයේ වැඩ කටයුතු කර ගෙන යාමට නොහැකි තත්වයක් ඇති වන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ.

– BBC

0 views

5 Comments to “ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.. – මනෝ ගනේෂන්..”

  1. Karu says:

    ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ.
    ම්ං එකක් කියන්නම්. ඔය එකෙක් වත් අස්වෙන්නෙ නෑ.ආයෙ කොහෙන් හම්බවෙන ඇමති කම්ද?

  2. Champa says:

    Why should you? Who is Chandrika? She is someone paid by NGOO. She has nothing to do with the country.

  3. loku deyak umbai umbe yamaplanaya samga palayan apayata…….

  4. Boo says:

    ආණ්ඩුව ඇතුලේ සංහිඳියාවක් නැතිකොට බොලා කොහොමද රටේ සංහිඳියාවක් ඇති කොරන්නේ?

  5. JUDE says:

    WHO NEED RACIST TAMILS FOR POLITICS? Please leave its better for all

Main News