ඇමති ධුරයෙන් ඉවත් කර රාජිත අත්අඩංගුවට ගනු..- ඇමති රාජිතට විරුද්ව විරෝධතා..

June 16, 2019 at 12:40 pm | lanka C news
ඇමති ධුරයෙන් ඉවත් කර රාජිත අත්අඩංගුවට ගනු..- ඇමති රාජිතට විරුද්ව විරෝධතා..

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ අමාත්‍ය දූරය ඉවත් කොට ඔහුට විරුද්ධව කඩිනම් පරික්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා වව්නියාව මහරෝහල ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

වව්නියාව දිස්ත්‍රීක් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඊයේ දින කෑම පැයේදී වව්නියාව මහරෝහලේ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණඩලය විසින් මෙම විරෝධතාවය සංවිධනය කොට තිබුණි.

විරෝධතා කරුවන් එහිදී කියා සිටියේ අමාත්‍ය රාජිත සේනාරත්නගේ අමාත්‍ය දූරය වහාම ඉවත් කොට ඔහුව අත්අඩංගුවට ගත යුතු බවටත් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කිරීමට ජනාධිපති කොමිෂමක් හෝ පත්කළ යුතු බවටත් එසේ නොවන්නට රටේ ජනතාවටම සිදු කරන මහා අසාධාරණයක් බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26,046 Viewers

3 Comments to “ඇමති ධුරයෙන් ඉවත් කර රාජිත අත්අඩංගුවට ගනු..- ඇමති රාජිතට විරුද්ව විරෝධතා..”

  1. Sun says:

    He is a business fellow and no interest of the position. He is misusing the position to make his business rather than serving people. That is why always the doctors are against him. He knows how to use the community to make money for him. Not to the people. He has to change the attitudes of the job to become a successful minister my dear.

  2. Saradiel says:

    රාජිත සේනාරත්නගේ අමාත්‍ය දූරය වහාම ඉවත් කලයුතුයි ..
    මීට වසර ගණනාවකට කලින් LTTE මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන්ට කඩේ ගිය මේ පුද්ගලයාට රටේ ඇමතිකම් දුන් වත්මන් සහ පසුගිය ආණ්ඩුවල පාලකයින් , මේ පුද්ගලයා නිසා අපේ රටට සිදුවූ/ සිදුවි ඇ ති විනාශයට වගකිවයුතුයි
    දැන් වත් මොහුව දේශපාලනයෙන් සදහටම ඉවත් කර ඔහුගේ සියලු දේපල රාජසන්තක කල යුතුයි

  3. Mr Athana says:

    Ganayek daala lemonpuff upawasayak kaloth narakada ?

Main News