ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් අස්වෙන්න රවි සූදානම්.. බරපතල චෝදනාවට රිමාන්ඞ් කිරීමක් නෑ..

August 7, 2017 at 3:00 pm | lanka C news
ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් අස්වෙන්න රවි සූදානම්.. බරපතල චෝදනාවට රිමාන්ඞ් කිරීමක් නෑ..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට පෙර ඇමති රවි කරුණානයක මහතා ඇමති ධුරයෙන් හා එජාපයෙ උප නායක ධුරයෙන් ඉල්ලා අස්වීමට කියමිත බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

ජනාධිපතිවරයා වෙත විදේශ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියත් අගමැතිවරයා වෙත එජාප උප නායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියත් ලබා දෙනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි. ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද සදහන්ය.

මේ අතර අගමැතිවරයා ඊයේ දිනයේ මස්කෙලියේදී කියා සිටියේ චෝදනා එල්ල වූවන් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ආදර්ශය දීමෙ සූදානම් බවයි.

කෙසේ වෙතත් විපක්‍ෂය කියා සිටින්නේ ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීම අදාල චෝදනාවට පිලිතුරක් නොවන බවත් මුල්‍ය විශුධිකරණ හෝ පොදු දේපල පනත යටතේ ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර නඩු ඇසිය යුතු බවත්ය.

59 views

20 Comments to “ඇමති ධුරයෙන් හා එජාප උප නායක ධුරයෙන් අස්වෙන්න රවි සූදානම්.. බරපතල චෝදනාවට රිමාන්ඞ් කිරීමක් නෑ..”

  1. love nature says:

    මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ.

    • ලංකා ලොජික් says:

      හා දැන් සියලු වරද වලට හසුවුණු අය තම තමන්ගේ රස්සා වලින් ඉල්ලා අස්වෙන්න. එතකොට වරදට දඩුවම් නැහැලු.

      ඔන්න ඕකට තමා කියන්නේ UNP කියලා 🙂

  2. Saradiel says:

    ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු.

  3. ගිරවා says:

    හේතුව ඇමති වීමද ? දෙමළ වීමද ? මොකක්ද මේ රටේ අවනීතිය ?රටේ නිතිය සැමටම පොදු විය යුතුයි නේද ?
    යමපාලනයම හොර ගුහාවක් නේද ?

  4. CAT says:

    ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීම අදාල චෝදනාවට පිලිතුරක් නොවේ වහාම ඇමති රවී මුල්‍ය විශුධිකරණ හෝ පොදු දේපල පනත යටතේ ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර නඩු ඇසිය යුතු යි ….ඒඅතර විල්පත්තු වන විනාශය ගැන කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව බදියුදීන් ඇමතිවරයාත් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියා කල යුතුයි

  5. Saradiel says:

    යහපාලන ඇමති වරුන්ට අපරාධ දුෂණ කිරීමට මේ ආණ්ඩුවෙන් අවසර දී තිබේද ? ඇයි මේ අපරාධකරුවන් අත්අඩංගුවට නොගන්නේ ?ඇමති රවී පමණක් නොවේ වැරදි කල /කරන ඇමතිලා අත්අඩංගුවට ගෙන දඩුවම් පැමිණිය යුතුයි
    අවස්ථා කිහිපයකදී සතොස හරහා කොකේන් මත්ද්‍රව්‍ය තොග පිටින් මෙරටට ගෙන්වා ඇති රිෂාඩ් බදියුර්දීන් විල්පත්තු වන සංහාරය ඇතුලු ජාතික විනාශයන් රැසකට මුල්වූ චරිතයක්. නමුත් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට වගකිව යුතු බලධාරීන් අපොහොසත්වී ඇත.බොහෝ දෙනෙකුගේ මතය අනුව රිෂාඩ් බදියුර්දීන් යනු මෙරට සිටින බලවත්ම පුද්ගලයාද වේ.

  6. Jonaa'S Brother says:

    අයියෝ පව් බන් ,ලෝකයේ නො1 හොඳම මුදල් ඇමතියාට වෙච්චදේ, අනේ ඉතින් අපි මක්කරක්නොද, මයිතූනයාගෙ ජාතියන්තතර හොරකමේ සන්වර්දනය., හරිම සැපයි වෙනස ඔලමොට්ටල මයිතූනයෝ

    • ලිහිණි says:

      ලංකා දූ පුතුනි අප මෙය දත යුතුය
      නිම විය යුතුය මෙම යමපාලන රජය
      රැකගන්නට අපේ හෙළ බොදු රට සමය
      පෙරමුණ ගැනුම අප හැම සතු යුතුකමය

  7. deshapremiya says:

    Elawanna issella illa aswena eka nambui. Habai putho adikaranayata muhuna dena eka nawathwaganna bariwei. Allas gaththa kiyala danatamath oppu wela iwarai.

  8. සුරා says:

    මුන් හොඳ නාටකයක් පෙන්නන්නයි හදන්නේ තනතුරු වලින් ඉවත් වෙලා මෙන්න යහපාලනය කියල මහා සද්දයක් දාලා ඒ සද්දෙන් සියලුම චෝදනා යටපත් කරලා සිරිසේනගේත් සහයෝගයෙන් ආයේ ජනතාව රවට්ටලා අලුත් ඇමතිකමක් අරගෙන මේ රට විනාස කරන්න තමයි මුන්ගේ සැලසුම .
    රාජපක්ෂලා ආවොත් මම ඉවරයි කියල සිරිසේනත් පහුගිය වාරේ කළා වගේ මෙවාරෙත් වැඩේ සවුත්තු උනොත් පාර්ලිමේන්තුව විසුරුවල හරි මුන්ව බේරාගනිවි .මිනිහා ඉන්නේ වෙන ලෝකෙක මිනිහට වැඩක් නෑ මොකා රට විකිනුවත්

  9. Mayadunna says:

    රවි කරුපයියාට ආසියාවේ හොඳම මුදල් ඇමතිකම දුන්න අයට දැන් හිතෙනව 
    ඇති වහ කෑවනම් ඊට වැඩිය හොඳයි කියල. 

  10. උපාසක අප්පු says:

    දැන් එතකොට මෙයා කෝට්ටේ නාග විහාරයේ ප්‍රධාන දායක කමෙනුත් අස් වෙනවද?

Main News