ඇමති ධුරවලින් අස්වෙන්න කාලය එන්න පුළුවන්..- දයාසිරි

November 3, 2021 at 10:00 am | lanka C news
ඇමති ධුරවලින් අස්වෙන්න කාලය එන්න පුළුවන්..- දයාසිරි

මහජන මන්ත‍්‍රණ සභාව හරවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු සෙසු පක්ෂ දහය සිදු කරන්නේ ආණ්ඩුවේ සිකුරුටි රස්සාවක් නොවන බව සියලු දෙනා මතක තබාගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ හරයා ආණ්ඩුව හරි මගට ගැනීමේ වැඩපිළිවෙලක් ඉටු කරමින් සිටින බවද ඔහු පැවසීය.

‘ආණ්ඩුව වැරදි ගමනක යනවනම් අපිට ඇමති ධුරවලින් ඉවත් වෙන්න කාලයක් එන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුව හදාගන්න පුළුවන් සියලු දේ අපි කරනවා. අපි මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙන පක්ෂයක්. අපිටත් වඩා වාසු, විමල්, උදය ඇමතිවරුන් ඊට දායක වුණා. ඒකයි ඔවුන්ට වේදනාව තියෙන්නේ’

රටේ වගකීමක් ඇති තනතුරුවලට ද්විත්ව පුරවැසියන් සිටින එකට පක්ෂයක් ලෙස විරුද්ධ බවත් ප‍්‍රාදේශීය සභා තනතුරකට වත් ද්විත්ව පුරවැසි පත් නොකළ යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවත් ඔහු සදහන් කරයි.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වන කරුණු ඇතුළත් කරන බවට ජනාධිපතිවරයා වූ පොරොන්දුව මත 20 වෙනි සංශෝධනයට එකඟ වූ බවද ඔහු පැවසීය.

නමුත් එම සංශෝධනයට අත එසවීම ගැන අදත් හෘද සාක්ෂියේ ප්‍රශ්නයක් තමන්ට ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

31,984 views

9 Comments to “ඇමති ධුරවලින් අස්වෙන්න කාලය එන්න පුළුවන්..- දයාසිරි”

  1. සිංහල බන්ඩා says:

    දයාසිරි හරි. පොහොට්ටුවන් නැවත ශ්‍රිලනිප සංධානයකට නැවත ආකර්ෂණය කර ගත යුතුය්. හැබැය් සිරිසේන එක්ක ඒක කරන්න බැහැ.

  2. Chamil Ananda says:

    Munta thiyena lokuma prashne they did not get popular ministries

  3. sunny says:

    Why did you contest under a party created and developed by a Dual Citizen. Your greediness to come to the parliament and to be a minister was the prime target to contest under a party developed by a dual citizen

  4. LalithM says:

    20 සංශෝධනයට අත උස්සපු නිවට කැනහිලෙක් සුදන වෙන්න හදනව.

  5. බිංකුණ්ඩා says:

    ඔව් 2024 දි

  6. Gamarala says:

    ද්විත්ව පුරවැසි කියන්නේ රට පාවාදෙන්නෝ ඇමෙරිකාවට GOD WE TRUST කියනවා මෙහේ ඇවිත් බුදු සරණයි කියනවා.

  7. Mirshana says:

    whether ministers are in the cabinet , or get thrown out, is irrelevant because no minister
    has done anything for the people or the country.

  8. MD says:

    මඟහැර යාම බොහොම ලෙහෙසියෙන් කලහැකි දෙයක්.නමුත් ඔබලා ගැන ජනතාවට ඵන්නෙ කලකිරීමක් අවිශ්වාසයක්.ඵමනිසා මාධ්‍ය සංදර්ශන දාන්න ගියාම වෙන්නේ ඔබලා ගැන පිරිහීමක් ඇතිවෙන ඵකයි.ගැඹුරින් සිතන්න.අත්තෙන් අත්තට පනිනවට.වඩා වහපු අත්ත සුරක්ෂිතව තබා ගැනීමට හැකි මාර්ගයක් හදාගෙන ඉදිරියට යෑමයි.

  9. මෝ says:

    සිරා බොරදියේ මාලු බාන්න යන්නෙ.ඒකට ඉඩනොදී අලුත් නායකයෙක් පත් කරං ආන්ඩුවෙන් ඉවත් වී ආන්ඩුව ගෙදර යවා අලුත් මැතිවරනයකට යා යුතුයි.අලුත් තරුන පෛරිසක් පත්කර මේ කරුමයෙන් රට ගොඩ දැමිය යුතුයි.පරන මැන්ටල් සියල්ල ගෙදරම යැවිය යුතු කාලයයි.රටකෑ රජ පවුලට දැඩි දඩුවම් දඩුවම් දිය යුතුයි එකෙකුටවත් රටින් පනින්නට නොදී .