ඇමති ධුර ගැන නොසතුටු අයට ජනපති අමතයි..

August 16, 2020 at 10:40 am | lanka C news
ඇමති ධුර ගැන නොසතුටු අයට ජනපති අමතයි..

මෙවර ඇමති මණ්ඩල පත් කිරීමේදී ලැබුණු ඇමති ධුරයක් ගැන අසතුටින් සිටින ඇමතිවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා ඇතැයි වාර්තා වේ.

එම අමාත්‍යාංශ විෂය පථයන්හි වැදගත්කමක් ඔවුන්ට ජනාධිපතිවරයා විසින් අවබෝධ කරදීම එමඟින් සිදු කර ඇත.

මෙම අමාත්‍යාංශ වලින් ඵලදායී ලෙස නිර්මාණාත්මක කාර්යයක් ඉටු කළ හැකි යැයිද ජනාධිපතිවරයා විසින් ඔවුන්ට පෙන්වා දී තිබේ.

විජේදාස රාජපක්ෂ, රංජිත් සියඹලාපිටිය, දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්තේ යන ඇතුළු කිහිප දෙනෙකුට ජනාධිපතිවරයා විසින් මෙලෙස දුරකථන ඇමතුම් ලබාදී ඇත.

ඇමති මණ්ඩලය නම් කිරීමේදී ලැබුණු ඇමති ධුරය සම්බන්ධයෙන් ඇමැතිවරුන් කිහිප දෙනකුම නොසතුටින් සිටින බව වාර්තා වූ අතර ඇතැම් ඇමතිවරුන් තම නොසතුට ප‍්‍රසිද්දියේ පල කරන ලදී.

83,187 views

9 Comments to “ඇමති ධුර ගැන නොසතුටු අයට ජනපති අමතයි..”

  1. බන්ඩා says:

    නව ව්‍යවස්ථාවෙන් ජාතික රජයන්ට ඉඩක් නොතිබාම ඇමති මංඩලය 25 කට සීමා කල යුතුය්. අනුපාත ක්‍රමය අහෝසි කොට කේවල ක්‍රමය හදුන්වා මොන කරුනකට හෝ පක්ෂ මාර කරන අය ජනතා චන්දයට මුහුන දීම නීති ගත කල යුතුය්.

    • RATA WESIYO says:

      It is very difficult to change the mentalities of the politicians in our country ,as they have been used to this type of selfish,personal glory seeking politics ,rather than the welfare of the people and the country. For an ámbitious, skilled ,humble politician ,even a MP post can be made use of to serve the people and the motherland. When is a will,there is a way.

    • සිහල මිනිසා says:

      ඒ විතරක් නෙමෙයි වැඩකට නැති රාජ්‍ය ඇමති පට්ටමුත් අයින් කරන්න ඕනේ. ඇමැති සහ නියෝජ්‍ය ඇමති විතරක් හිටපුවම ඇති.

      පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට තේරී පත්වෙන සංඛ්‍යාවත් අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ.

      ක්‍රමානුකූලව පළාත් සභා අහෝසි කරන තැනටම යනවා නම් තමයි හොඳ.

  2. AJ says:

    Banda , you are absolutely correct.

  3. SL says:

    රටට ම කෙලවෙලා තියෙන්නෙ මෙ වගෙ උන් හින්ද.ඇමතිකම් වලිනි පලදායි වැඩක් කරන්නෙ නැතිනම් එලවන්න. මේ දක්වා කල දෙයින් වැඩක් කරා නමි රට මෙ වගේ ණය වෙන්නෙ ණෑ.
    මුන් පෝසත් වෙලා රට දුප්පත් වුනෙ මුන් හොරා කාපුනිසා නොවෙ ද?

  4. උපාසක says:

    හැම දෙනාටම කැබිනට් ඇමතිකම් දෙන්න බැරිබව මේ මහත්තුරුන්ට තෙරෙන්නෙ නැත්තේ ඇයි. අවංකව ජනතාවට සේවය කරන්න මිනිහෙකුට ඇමතිකම් ඕනද

    • Aurora says:

      මොවුන් මහත්වරු නොව මහත්-හොරු නිසා. අනෙක් කාරණය තමයි මොවුන්ට ඇමතිකම යනු තමුන්ගේ හිස්බව වසගැනීමට ඇති කඩතුරාවක් මිස වැඩක් කරන්න ඇති අවස්ථාවක් නොවේ. ඇත්තටම මෙවර ඇමැතිකමත් සමඟම වගකීම් ක්‍ෂේත්‍රය පැහැදිලිව දක්වලා තියනනිසා වැඩ දන්න අයට තමන්ගේ හැකියාව පෙන්වන්න හොඳම අවස්ථාවක්. නමුත් බෝල්පිලිම වල ඇතුලේ කිසිවක් නැති බව ප්‍රදර්ශණය කරනවා.

  5. ජනජය says:

    කවුරුත් තම තමන්ට ලැබුනු විදිහට ජනතාවට, රටට සේවය කරනව හොදයි ..අරව මේව ඉල්ලන්නෙ වෙන වෙන වැඩ වලට…මිනිස්සුන්ට ඕව තේරෙනව..

  6. Susantha says:

    මැටි ඇමති කියා අපහාස කලත්,  එම අපහාස, අවලාද
    තුට්ටුවකට මායිම් නොකර, ලැබුන පලමු අවස්ථාවේම
    මෙරටේ පාරම්පරික වඩු සහ මැටි ආශිත කර්මාණ්ත වල 
    ඇති ගැටලු වලට විසඳුම් දීමට ඉදිරිපත්වූ ප්‍රසන්න
    රණවීර නියෝජ්‍ය ඇමති වරයාට අපේ උපහාරය.

Main News