ඇමති ධුර නැතිව නම් ගමේ යන්න බෑ..- ශ‍්‍රීලනිප රනිල් පිල කියති..

April 11, 2018 at 3:50 pm | lanka C news
ඇමති ධුර නැතිව නම් ගමේ යන්න බෑ..- ශ‍්‍රීලනිප රනිල් පිල කියති..

ඇමතිකම් නැතිය ගමට යාමට නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ රනිල් පිලේ ඇමතිවරුන් පිරිසක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී පවසා ඇත.

විශ්වාස බංගයද පරාජය කරමින් එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රාහීව ගමට යන නිසා තමනට ඇමතිධර නැතිව ගමට යා නොහැකි යයි එම පිරිස පෙන්වා දී තිබේ.

ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි වන යෝජනාවේදී අදහස් පලකරමින් ඔවුන් මේ බව කියා ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ඇමතිධුර වලට වඩා මේ මොහොතේ සිතිය යුත්තේ ශ‍්‍රීලනිපයේ දේශපාලන අනාගතය ගැන බවයි.

19 views
Main News