ඇමති ධුර බාර ගැනීම : හකීම්- බදියුදීන් වැට උඩට නගී..

June 20, 2019 at 3:50 pm | lanka C news
ඇමති ධුර බාර ගැනීම : හකීම්- බදියුදීන් වැට උඩට නගී..

නැවත ඇමැති ධුර භාර ගැනීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසය දැනට නොකල යුතු යයි තීරණය කර තිබේ.

රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ දිස්ත‍්‍රික් උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ දැනට ඇමති ධුර බාර ගැනීම සිදු නොකළ යුතු බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් තවදුරටත් සාකච්ඡා කර හෙට දිනයේ දැනුම් දීමට නියමිතය.

මේ අතර රිෂාද් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත්තේ තමනට එල්ල වී ඇති චෝදනා පිළිබඳව පැවැත්වෙන විමර්ශනයන්ට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නැති නිසා ඇමතිධූර ලබා ගැනීම එතෙක් කල නොහැකි බවයි.

කෙසේ නමුත් ඉදිරි දිනවලදී මුස්ලිම් මැති ඇමති එක්ව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

38,387 Viewers

6 Comments to “ඇමති ධුර බාර ගැනීම : හකීම්- බදියුදීන් වැට උඩට නගී..”

  1. UD says:

    දැන් ‌පේන විදියට රතන හිමිගේ උපවාසයේ ඉඳලා අවසානයට ‌වෙනකම් තියෙන්නේ නාට්‍ය රංගනයක් වගේ.
    මුල ඉඳලා අගට යනකම් ‌හොදට අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ‌හෙට අනිද්දා අවසාන ‌කොටස බලාගන්න පුළුවන්.
    මුස්ලිම් ඇමතිවරු ඔක්කොම සුපුදුරුදු තනතුරුවල දැකගැනීමට පුළුවන්.
    ප්‍රේක්ෂක අපගේ උණුසුම් ප්‍රතිචාර….

    • Winsara says:

      Ekedith mun baln inna athi nuwardi wath sinhalayo tika gonnu wela maragena marenna hadai kiyala. Galagoda eliyata aweth owata ma da kiyala kawuru danee.

  2. 77 UNP says:

    සියලු මුස්ලිම් ඇමතිවරු හට එකවර ඉල්ලා අස්වැන්න උපදෙස් හෝ නියෝග දුන් රනිල් වික්‍රමසිංහගෙන් අවසර නොගෙන ඇමතිකම් ගන්න රවුෆ් හකීම්ට බැහැ. රනිල්ගේ වහාබ් සහ ISIS ඒජන්ත තුමාවන රිෂාර්ඩ් බදුර්දීන් තුමා තනිවෙන තීරණයකට රනිල් එන්නේ නැහැ.

  3. sinha le says:

    මේ ඇමති දුර බාරගන්න රටේ ඕනේ තරම් සිංහළ අය ඉන්නවා උබලා ඒ ගැන කණගාටු වෙන්න එපා

    • one shot says:

      රනිල් තුමා සිංහළයින්ට කැමති නෑනෙ බං.

    • Rata Wenuwen says:

      රනිල්හාමුගෙත් කොන කපා මුස්ලිම් වුනාදෝ සැකයක් ඇතිවෙනවා,
      රතන හාමුදුරුවන්ගේ උපවාසය අපරාදේ අර්ත විරහිත වූ සේක