ඇමති නවීන් දිසානායක විපක්‍ෂයේ අසුන් ගනී..

December 5, 2017 at 2:10 pm | lanka C news
ඇමති නවීන් දිසානායක විපක්‍ෂයේ අසුන් ගනී..

පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් මඟ හරිමින් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඊයේ (04 දා) සභා ගැබට පැමිණ විපක්‌ෂයේ ආසනයක අසුන් ගෙන සිටි අයුරු දක්‌නට ලැබිණි.

සභා ගැබෙහි විපක්‌ෂය පැත්තේ පසුපස ආසන පේළියක සිටින එජාප මන්ත්‍රීවරුන් අතර සිටි සන්දිත් සමරසිංහ මහතා අසල තිබූ අසුනේ හිඳ දිසානායක මහතා සමරසිංහ මහතා සමඟ කතාබහ කරමින් සිටියේය.

එජාප මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත, හේෂාන් විතානගේ සහ චමින්ද විඡේසිරි යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්‌ව සිටියහ.

ඒ අවස්‌ථාවේ මුලසුනේ සිටියේ කථානායක කරු ජයසූරිය මහතාය.

ඇමැතිවරයෙක්‌ මෙසේ විපක්‌ෂය පැත්තේ අසුන් ගෙන සිටින අයුරු දුටු ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර පාර්ලිමේන්තුවේ නිලධාරීන් ලවා විටින් විට ඒ ගැන දිසානායක මහතා දැනුවත් කළහ.

එහෙත් දිසානායක මහතා විපක්‌ෂයේ අසුන් ගෙන එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ කතාබහ කරමින් සිටියේය.

– Divaina

207 views

3 Comments to “ඇමති නවීන් දිසානායක විපක්‍ෂයේ අසුන් ගනී..”

  1. kamalasirikuruwita says:

    අයියෝ ! පැන්නත් ගන්නේ නැතිවෙයි . මොකද තාත්තගේ පය දුවිල්ලක් තරම්වත් රටට වැඩක් නොකරපු කෙනෙක්නෙ . හරියට සාජිත් වගේම තමයි . ගොසාවේ තරමට වැඩ නැහැ. අන්න රාජිත ගොයියා මොන වැරදි තිබුනත් ජනතාවට යන්තමින්වත් දෑනෙන්න වැඩක් කරලා තියෙන්නෙත් මිනිහ විතරයි ඇයි හලෝ , දොස්තරලගේ ගෙම්බර් එකම බස්සල හිලෑ කලා මදිද.

    • කොත්මලේ මුදියන්සේ says:

      නිකන් බොරැ Talk දෙන්න එපා. නවින් දිසානායක මන්ත්‍රීවරයෙකු සහ ඇමතිවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ කාලය තුල කිසිදු දූෂණ චෝදනාවකට ලක් නොවී උපරිමය කරල තියෙන්නෙ. පාර්ලිමේන්තුවෙිදීත් ඔහුගේ අමාත්‍යාංශ විෂය පථය විපක්ෂයේ විවෙිචනයන්ට ලක්වන්නෙ ඉතාමත් අඩුවෙන්.

  2. පෙරේතයෝ says:

    මල පෙරේතයෙක්. ගන්දබ්බයෙක් වෙලා වෙන්නැති?

Main News