අවදානම මැද ගම්පහ වොලිබෝල් තරගාවලියක්.. ඇමතිත් යයි..

April 25, 2021 at 2:20 am | lanka C news
අවදානම මැද ගම්පහ වොලිබෝල් තරගාවලියක්.. ඇමතිත් යයි..

‘වර්තමානයේ සිටින තරුණ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ සැලසුම් රටේ ක‍්‍රීඩාවේ ප‍්‍රගමනයට ශක්තියක්’ යයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා පවසයි.

ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේ පැවති 34 වෙනි තරුණ සේවා රූපවාහිනි වොලිබෝල් තර`ගාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික‍්‍රමසිංහ, ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරරිසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘34 වෙනි තරුණ සේවා රූපවාහිනි වොලිබෝල් තර`ගාවලියේ සමාරම්භක අවස්ථාවට සහභාගීවෙන්න ලැබීම ඉතාමත්ම සතුටක් ලෙස සලකනවා. වොලිබෝල් ක‍්‍රීඩාව කියලා කියන්නේ අපේ රටේ ජාතික ක‍්‍රීඩාව. එක්දහස් නමසිය පනස් ගණන්වල ජාතික ක‍්‍රීඩාවලිය ආරම්භ උනාට පසුව දශක ගණනාවක් තිස්සේ ක‍්‍රමක් ක‍්‍රමයෙන් දියුණු වෙලා ඇවිත් ජාතික ක‍්‍රීඩාව බවට පත් උනත් වොලිබෝල් ක‍්‍රීඩාවට ලංකාවේ තව බොහෝ දුරක් යන්නට තිබෙනවා. අපි දන්නවා වොලිබෝල් කියන්නේ ලෝකයේ වසර 150 ක පමණ ඉතිහාසයක් තිබෙන පැරණි ක‍්‍රීඩාවක්. ඇමරිකාවේ තරුණ කි‍්‍රස්තියානි සංගමයේ විලියම් මෝගන් කියන මහත්මයෙක් එක්දහස් අටසිය අනූ ගණන්වල ආරම්භ කර ක‍්‍රමක‍්‍රමයෙන් දියුණුවෙලා ජාත්‍යන්තර තලයට ඇවිල්ලා ඔලිම්පික් ක‍්‍රීඩාව බවට පත් වූ මෙම කී‍්‍රඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙනයන්නට අපි උත්සාහ කළ යුතුයි. අපි ඉතිහාසයේ ජාත්‍යන්තර තර`ගාවලි කිහිපයක් සාර්ථකව ක‍්‍රීඩා කරලා දිනලා තිබෙනවා.

මම විශ්වාස කරනවා අද අපේ වර්තමාන ක‍්‍රීඩා අමාත්‍ය ඉතාමත් දක්ෂ ක‍්‍රීඩකයෙක් වන ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ලංකාවේ ක‍්‍රීඩාව නගා සිටුවන්නට අපේ තිබෙන සැලැස්ම යටතේ අපට මීට වඩා බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා. මම සතුටුයි දකින්නට මේ ඉන්න තරුණ තරුණියෝ ඒ ඒ දිස්ත‍්‍රික්කවලින් තර`ග කරලා දිස්ති‍්‍රික්කවල දක්ෂතම කණ්ඩායම් බවට පත් වෙලා අද මේ තර`ගාවලියට සහභාගී වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔබට අවශ්‍ය කරන පහසුකම් තවත් වැඩි කරලා රට පුරාම ඇති ක‍්‍රීඩාපිටි සඳහා ක‍්‍රීඩාංගන පහසුකම් ඇතුළු පුහුණුවීම් පහසුකම් ඇතිව සියල්ල සංවර්ධනය කරන්න. ඒ සඳහා ඉතාමත් හොඳ සැලැස්මක් ගරු ක‍්‍රීඩා ඇමතිතුමන් ල`ග තිබෙනවා. ඒ වගේම මම හිතනවා අද අලූතින් පත්වෙලා ඉන්න තරුණ සේවා සභාවේ සභාපතිතුමන් දමිත වික‍්‍රමසිංහ මහත්මයා ඔබට විශාල ශක්තියක්. එතුමා ගැන යමක් සඳහන් කරනවා නම් ජනාධිපතිතුමාගේ වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වවිදිහට අපිත් සමග දිගටම වැඩ කරලා සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කරන්න අපත් සමග එකතු වෙච්ච ඒ මහත්මයාට තරුණ සේවා සභාව හරහා මේ රටට විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. මේ දරු දැරියන්ට විශාල ලෙස උදව් කළ හැකියි. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගේ පූර්ණ හැකියාව යොදවලා මේ අලූතින් ලැබුනු අවස්ථාව ප‍්‍රයෝජනයට අරගෙන මේ ක‍්‍රීඩාව නංවන්නට, තරුණ පරපුරට උදව් කරන්න කියලා.

ක‍්‍රීඩාවක් කියලා කියන්නේ රටට බොහොම අවශ්‍ය දෙයක්. තරුණ පරපුර කි‍්‍රයාශීලිව, හොඳ ශරීර සෞඛ්‍යයෙන් තබාගන්න එක රටට වැදගත්. ජනාධිපතිතුමාගේ රට ගැන තිබෙන ප‍්‍රධානතම අරමුණු හතර වන ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් කියන කාරණා පිළිබඳව තරුණ ඔබට විශාල වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කරන්නට අවශ්‍ය කරන සහය දෙන්නට අප සූදානම්. අප සියළු දෙනාම එකතු වෙලා ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙලට අපි හැකි පමණින් දායකත්වය ලබාදෙමු යැයි පැවසීය.

උදිත පුෂ්පකුමාර
මාධ්‍ය ලේකම්

30,982 views

17 Comments to “අවදානම මැද ගම්පහ වොලිබෝල් තරගාවලියක්.. ඇමතිත් යයි..”

  1. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    ගම්පහ ප්‍රාදේශීය සභා සීමාවේ , ගම්පහ මහ නගර සභා සීමාවේ විදුලි පහන් කණුවල බල්බ පත්තු වෙන්නෙ නෑ. ප්‍රාදේශීය සභාවට කිව්වට නම් වැඩක් වෙන්නෙම නෑ. බගර සභාවෙන් සති දෙකක් විතර ගියහම ඇවිල්ල හදනවා. ගම්පහ නගරයට ආසන්න ගම්මාන පවා රෑට ලයිට් කණුවල ලයිට් නැති නිසා තූත්තුකුඩියේ ස්වරූපයක් තියෙන්නෙ. කුඩ්ඩන්ට , හොරුන්ට සපෝර්ට් කරන ප්‍රාදේශීය සභාවක් ගම්පහ ප්‍රාදේශීය සභාව

  2. ධාතුවිමලේ says:

    ගම්පහ පැත්තේ අයට කීවට වැඩක් නෑ. කෝවිඩ් පළමු රැල්ල වෙලාවේ අපි හිටියෙ ලංකාවේ. ගම්පහ කිට්ටුව ගමක. කණක් ඇහෙන්න නෑ ලවුඩ්ස්පීකර් සද්දෙ . පන්සල ඇතුලේ 6 මහපාරේ දෙකයි . ගමේ මිනිස්සුන්ට කණක් ඇහිලා ඉන්න තිබ්බෙ නෑ. ඇඳිරිනීතිය නිසා ගෙදරටම හිර වෙලා හිටිය අයට පුදුම පීඩාවක් උනා ඒ මහා ශබ්දය. අනේ ! බුදුන් වහන්සේගේ උතුම් අවිහිංසාවාදී උතුම් දහමට උනු විපතක් !!!

    • MD says:

      බෞද්ධ දර්ශනය හොඳින් අවබෝධ කරගන්ට උත්සාහ කරන්න.ඵතකොට ඔයාට ඔය ප්‍රශ්ණත් ලෙහෙසියෙන් විසදාගන්න පුළුවන් වෙයි.තෙරුවන් සරණයි!

      • Marusirs says:

        මම දන්න පොරක් හිටියා උඹ වගේමයි.
        කට ඇරියොත් බුදුබණ. ඒ වුනාට බඩු කාරයා.

      • " රාත්‍රි ආර්ථිකය " says:

        අනේ පලයන් MD . වයසක මනුස්සයෙකුට කණක් ඇහෙන්න නෑ. ඉගෙන ගන්න ළමයෙකුට නිදහසක් නෑ.. බෞද්ධ දර්ශනය ගැන දන්න හාමුදුරුවරු ඔහොම කරනවද මිනිහෝ.. උඹ එක්කෝ හීරළුවෙක්. නැතිනම් ෆේක් චීවරධාරියෙක්.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        ඔව් ඉවසීම ප්‍රගුන කරන. නැත්නම් දායකයන්ගෙ ගුටි කන්න.

        • පෙරටුගාමියා says:

          කණක් ඇහිලා ඉන්න ඕනෑ නම් මලගිය ඥාතීන්ට පින් පිණිස ඔබගේ ඉඩකඩම් ගේ දොර වතුපිටි සඟ සතු කොට ඔය ගමෙන් නික්මෙන්න.. ලවුඩ්ස්පීකර් කරදරය ගැන පොලීසියට කිව්වට කිසිම දෙයක් වෙන්නෙ නෑ..

  3. Sunil says:

    The great achievement of the viyth maga stalwart and useless mayor who is famous for organising musical shows and other events to enhance his popularity.

  4. lakmal says:

    මේ වාගේ පොල් බූරුවො එක්ක මොන කොවිඩ් මර්දනයක්ද??
    මුන්ට ඡන්දෙ දුන්න පොල් බූරුවන්ගෙන් අහන්න තියෙන්නෙත් දැන් ෂැපද කියල විතරයි

  5. RED BULL says:

    ඕන උගතෙක් ගම්පහින් පත් උනොත් ඔහු අනිවාරයෙන්ම ගම්පහ හරකුන්ගේ රැලට වැටෙනව​.ඊට පස්සෙ ඔහුත් හරකෙක්.ලන් ගොන්සන්,රන් ගොන්ජන්,පබා,රණවීර​,මර්වින් තව උදාහරණ ඕනද​?

  6. Love nature says:

    සෙල්ලම ලෙල්ලම නොවේවා පතමු.

  7. Xman says:

    If you are planning to make a hose in Gampaha think twice, very bad area, too much crowded, no parking in Gampaha town. no street lamps, If you want to get water supply, no way, you wait forever with stupid list. If you got Gampaha hospital to even minor operation, don’t expect to get well, instead you have to go to Colombo or other hospital to get done with it.

  8. Xman says:

    If you are planning to make a house in Gampaha think twice, very bad area, too much crowded, no parking in Gampaha town. no street lamps, If you want to get water supply, no way, you wait forever with stupid list. If you got Gampaha hospital to even minor operation, don’t expect to get well, instead you have to go to Colombo or other hospital to get done with it.

  9. Xman says:

    If you are planning to make a house in Gampaha think twice, very bad area, too much crowded, no parking in Gampaha town. no street lamps, If you want to get water supply, no way, you wait forever with stupid list. If you admit in Gampaha hospital to even minor operation, don’t expect to get well, instead you have to go to Colombo or other hospital to get done with it.

    • George says:

      Quite correct. Gampaha Municipal Council is a rotten government office. Gampaha is a rotten town or district to live.

  10. saman says:

    ඇමතිලා එනවානම් කොරොනා එන්නේ නෑ

Main News