ඇමති ප‍්‍රසන්න වරදකරුවෙකු කෙරේ.. වසර දෙකක අත්හිටවූ සිර දඬුවම්..

June 6, 2022 at 3:00 pm | lanka C news
ඇමති ප‍්‍රසන්න වරදකරුවෙකු කෙරේ.. වසර දෙකක අත්හිටවූ සිර දඬුවම්..

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරමින් රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත් බවට චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ එක් චෝදනාවකට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වරදකරු ලෙස මහාධිකරණය විසින් අද නම් කලේය.

ඒ අනුව ඔහුට අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට විනිසුරුවරයා නියෝග කලේය.

එමෙන්ම රුපියල් මිලියන 25ක දඩයක් නියම කළ විනිසුරුවරයා එය නොගෙවන්නේ නම් අමතර මාස 9 ක සිර දඬුවම් නියම කර ඇත.

එමෙන්ම අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් අමතරව මාස 3ක සිර දඬුවමක්ද නියම කර තිබේ.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ඇමතිවරයා මෙසේ වරදකරු කරන ලද්දේ
ඒ අනුවල පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත්තේ යයි එල්ල වූ චෝදනාවටයි.

මෙම නඩුව ගොනු කර ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවයි.

99,570 views

43 Comments to “ඇමති ප‍්‍රසන්න වරදකරුවෙකු කෙරේ.. වසර දෙකක අත්හිටවූ සිර දඬුවම්..”

  1. ශාලින්ද්‍ර says:

    මේ වාගේ .. අපතයින් තාමත් , පාර්ලිමේන්තුවේ ඉන්නවා නෙව … බලං හිටහන් …. රට යන උන් … මේ වාගේ හොරු ,ගොන් වහේ ලා පාලන තන්ත්රේ ඉන්න ලංකාව ට ඩොලර් එවන හැටි ..,රට රැකියා වලට එන ඔක්කොම අය ට විදිමත් අධ්‍යාපනයක් ලබන්න බැරි වෙන්න ඇති … නමුත් උන් හරක් නෙවෙයි . මේ මී හරක් ට වඩා 1000% ජිවිත් පන්නරය ලබපු අය .

    මම අවුරුදු 25 ක් විදේශ රැකියාවක නියුතු කෙනෙක් . බොලා අපි ට මෙච්චර කල් දුන්නා -ඇ (ම්) ට …

    • Alapaluwa says:

      ශාලින්ද මහතා ඔවුට ඊර්ෂ්‍යා කරන්න එපා. මේ අපේ ප්‍රසන්න ස’ගේ ලැබීම. ඔබගේ නෝලැබීම ගැන අපට කණගාටුයි. Alapaluwa

  2. Bird eye says:

    Munta active wena daduwam labenne apayen witharai.

    • සැමියා says:

      එකෙන්ම​. එක්කෝ ඕකා ඉහල උසාවියකට ඉල්ලුම් කරලා බේරෙයි, නැත්තම් ජනාදිපති සමාව​. ​

  3. Kapila says:

    පොහොට්ටු කාරයින් ගේ කලදසාව නරකයි වගේ.

  4. Upul says:

    Why not start serving the jail time immediately? Why is the suspended Jail time?

  5. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    හොර කපුටා සහ මිනීමරු චොකා මල්ලීත් රාජපක්‍ෂ බලයෙන් ගොඩ ආවනම් මේ කාළකණ්නියත් ලස්සණට පාර්ළිමේන්තු ඵයි…

  6. senanayake says:

    ransom 64 m. compensation only 1 m. fine 25 m . jail term also suspended. I want to take 100 m ransom.

Main News