ඇමති පියල් නිශාන්තගේ ආශ්‍රිතයන් වූ මන්ත්‍රීවරුන් ඇතුළු 22ක් නිරෝධායනයට..
January 20, 2021 at 2:27 am | lanka C news
කොවිඩ් වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ ලේලිය කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතුන් දෙදෙනා, රියදුරා, ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව (19) සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
කෙසේවෙතත් අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රිවරුන් ඇතුළු 22 දෙදෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමු වන ලෙසට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.
සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැණුනි.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා