ඇමති බදියුදීන් ත‍්‍රස්ත සැකකරුවෙකු ගැන විමසා මට කෝල් තුනක් දුන්නා..- හමුදාපති කියයි.. කණ රත්වෙන්න දුන් පිලිතුරත් කියයි..

May 16, 2019 at 10:26 pm | lanka C news
ඇමති බදියුදීන් ත‍්‍රස්ත සැකකරුවෙකු ගැන විමසා මට කෝල් තුනක් දුන්නා..- හමුදාපති කියයි.. කණ රත්වෙන්න දුන් පිලිතුරත් කියයි..

පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී තමනට කතා කලේ යයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

එය බලපෑමක් නොව ඉල්ලීමක් යයි සඳහන් කිරීමට තමන් කැමති වුවද බලපෑමක් ලෙසද අර්ථ නිරූපනය විය හැකි බවද සදහන් කලේය.

දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් ඇමති බදියුදීන් තමන්ට දුරකථන ඇමතුම තුනක් දුන් බවත් කී හමදාපතිවරයා පලමු ඇමතුමේදී තමන් දුන් පිලිතුර වූයේ ‘සැකකරු ගැන සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන්නම්’ බවත් පැවසීය.

දෙවනි වර විමසීමේදී තමන් දුන්නේ එම පිළිතුරම බවත් තුන්වැනි වර විමසද්දී ‘අත්අඩංගුවට ගත් පිරිස් අතර එවන් අයෙකු සිටින බවත් යලිත් වසර එකහමාරකට පසු තමනට මෙම දුරකථන ඇමතුම ගන්නා ලෙසත් පැවසූ බව සේනානායක මහතා කීය.

91 views

30 Comments to “ඇමති බදියුදීන් ත‍්‍රස්ත සැකකරුවෙකු ගැන විමසා මට කෝල් තුනක් දුන්නා..- හමුදාපති කියයි.. කණ රත්වෙන්න දුන් පිලිතුරත් කියයි..”

  1. MOHOMAD says:

    Dear General

    Pls investigate these people..

    Badurdeen , Hisbulla , Asath Sally , Mugiber Rahuman , Marikkar are the suspicious politicians by the society…

    THEY ARE DANCING DUE TO INCAPABILITY OF THE GOVERNMENT…..THEY ARE NOT REAL MUSLIMS.

    REAL MUSLIM COMMUNITY HATES THEM….

  2. Sam says:

    ඊළඟ ආණ්ඩුව එන්න ඉස්සෙල්ල ඔබ තුමා විශ්‍රාම ගියොත් හොඳයි පන බේරාගෙන . ඒ ආණ්ඩුවේ ඔය part දන්නා ගියොත් court martial කරන්න බැරි නැහැ

    • one shot says:

      මානසික වෛද්‍යවරයෙක් හමුවෙයං ,වියදම් අපි දරන්නම්.

Main News