ඇමති මංගල ජනපති නියමය තුට්ටුවකට නොතකයි.. කිසිසේතම ජනපති නියමය ඉටු නොකරන බව කියයි..

August 21, 2018 at 10:40 am | lanka C news
ඇමති මංගල ජනපති නියමය තුට්ටුවකට නොතකයි.. කිසිසේතම ජනපති නියමය ඉටු නොකරන බව කියයි..

කිසිසේත්ම දුම්රිය රියැදුරන්ගේ වැටුප් වැඩි කරන්නේ නැති බව මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය විසින් විමසූ පැනයකට පිලිතුරු ලෙසයි.

සියළුය රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සදහා වැටුප් කොමිසම කටයුතු කරන බවත් එහි නිර්දේශ ඉදිරි මාස 2ක කාලයේදී ලබාගන්නා බවත් ඇමතිවරයා පැවසීය.

ඒ අනුව සියළු රජයේ සේවන වැටුප් සංශෝධන සිදු කරන්නේ යයිද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් දුම්රිය වෘත්තිය සමිති හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්චාවේදී තම ඉල්ලීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා එකග වූ බව දුම්රිය වෘත්තීය සමිති කියා සිටී.

19 views