ඇමති මණ්ඩල සංශෝධනයක් කරන බවට ජනපති පොරොන්දු වුණා.. අපේ නිර්දේශ දුන්නා.. – සරත් විජේසූරිය

October 30, 2016 at 7:06 am | lanka C news
ඇමති මණ්ඩල සංශෝධනයක් කරන බවට ජනපති පොරොන්දු වුණා.. අපේ නිර්දේශ දුන්නා.. – සරත් විජේසූරිය

ඉදිරියේයේදී කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු වූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

වත්මන් ඇමතිවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති බරපතළ චෝදනා සම්බන්ධයෙන් හා සමහර අමාත්‍යාංශ ප‍්‍රමාණවත් කාර්යක්ෂමතාවකින් වැඩ නොකරන්නේ යයි ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාර දුන් බවද ඔහු සදහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ඇමති මණ්ඩලයේ සංශෝධනයක් කරන බවට ජනාධිපතිවරයා සහතික වූයේ යයිද විජේසූරිය මහතා වැඩි දුරටත් කියා සිටී.

179 views
Main News