ඇමති මලික් ජනතා මුදල් විනාශ කිරීමට අනු බල දීලා…

February 18, 2018 at 2:10 pm | lanka C news
ඇමති මලික් ජනතා මුදල් විනාශ කිරීමට අනු බල දීලා…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල්ගේ වැටුප හිතුමතේ විශාල ලෙස වැඩි කර ගැනීමට  ඉඩ හැර ඇමති මලික් ජනතා මුදල් විනාශ කිරීමට අනු බල දීලා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ පෙර දැරි කොටගෙන 1978 දී මහකොළඔ ආර්ථික කොමිසම (Greater Colombo Economic Commission (GCEC) ) පිහිට වූ අතර  රටේ ආර්ථිකය කොළඔට පමණක් සීමා නොකිරීමට  1992 දී එනම් මහකොළඔ ආර්ථික කොමිසම පිහිටුවා අවරුදු  14 ක ඇවෑමෙන්  පසු 1992 දී එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලෙස නම් කරන ලදී.

ආරම්භයේදී සභාපති තනතුර හා  අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර එක් අයෙක් පමණක් දැරූ අතර 2014 අගභාගයේදී පමණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරක් වෙනම පිහිටුවන ලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරු හෙබ වූ සමහර කීර්තිමත් නිලධාරීන් සිය වැටුප පවා ලබා නොගත් අතර සමහර සභාපතිවරු ලබා ගත්තේ සොච්චම් වැටුපක් පමණි.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයේ වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ වැටුප විශාල මුදලකින් වැඩි කරගෙන ඇත. අප සංවිධානයට දැනගන්නට ලැබුණු ආකාරයට  රුපියල් ලක්ෂ 3 ක් වූ ඔහුගේ වැටුප දැන් 150% පමණ වැඩි වී ඇත.  මේ පිලිබදව විමසා අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් ද කර ඇත. මෙසේ වැටුප් වැඩිවීමක් සදහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වූව ද අපට දැනගන්නට ලැබුණු ආකාරයට එසේ අනුමැතියක් ලබා ගෙන නැත.

මෑත කාලයේ ශ්‍රී ලංකාවට විශාල ආයෝජන ලැබුණු බවට තොරතුරු සකසා තම වැටුප වැඩිකරගත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ සදහා හම්බන්තොට වරාය බදු දී ලැබුණු මුදලද එකුතු කොට ඇත. දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ ආයෝජන ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා දීමට විශාල කාලයක් ගනු ලබන වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට තමාට හිතවත් නිළධාරීන්  සදහා උස්ස්වීම්ද පිරිනමා ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය භාරව කටයුතු කරන ඇමතිවරයා වන්නේ මලික් සමරවික්‍රම ඇමැතිවරයාය. මෙම සිදුවීම් ඔහු හොදින් දන්නවා විය යුතුය. එසේනම් මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කිරීමට ඔහු අනුබල දෙන්නේ ඇයි ද? යන්න අපට ගැටලුවකි.

අගමැතිතුමනි, මෙය යහපාලනයද? යන්න අප ඔබගෙන් අසන අතර පාරිභෝගිකයා පොල් රුපියල් 100 යට මිලදී ගන්නේ මෙසේ ජනතාවගේ මුදල් විනාශ වන නිසාද  යන්නත් අප රජයෙන් අසමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

16 views

7 Comments to “ඇමති මලික් ජනතා මුදල් විනාශ කිරීමට අනු බල දීලා…”

  1. Asaranaya says:

    This is my car my petrol policy

  2. malik, charitha ,paskaralingam sagala, akila ,arjuna ,alosius yana aya thiyagena rata kewe ranil neda> sattakinma me manussaya welikada thama inna oone.

  3. Love nature says:

    එජාප ආන්ඩුවක් කියන්නේ අලි බබා සහා හොරු 40

  4. Nim says:

    ME MANKOLLA KARUWAN TA
    KUMAK KARAMUDA?
    DADUWAM DEEMA
    JANATHAWATA BARAKARAMU.

  5. Etisalat says:

    ඔහුත් royal ගල් කල්ලියේ රෝයල් එකේ එවුන් loku karana ekek..

    මොලේ තියෙනව…වැඩ බැරි ටාසන් කෙනෙක්.

  6. premasiri says:

    දවසක් නරියෙක් හරකෙක්ගෙ අහවල් එක
    වෑටෙයි කියලා… මෑරෙනකන් පස්සෙන් ගියාලු…
    ඒ.. වගේ තමා… රටට සේවයක් කරයි කියලා අවුරුදු ගානක් මුන්ට චන්දෙ දුන්නා..
    කො තාම නෑනේ…. අහවල් එක…
    බලයට එන්න දෑන් කක්කා වෙලා කට්ටියට

  7. Ashita says:

    Meya patta hora hire inna ona minihek. Rata vinasa karanna auwa agamathiwaraya konda pananahi vililajawak nathi mokekda kiyala kiyanat amarui

Main News