ඇමති මලික් ජනාධිපතිගේ කණෙන් රිංගා කැබිනෙට්ටුවත් රවටලා..

May 11, 2018 at 4:40 pm | lanka C news
ඇමති මලික් ජනාධිපතිගේ කණෙන් රිංගා කැබිනෙට්ටුවත් රවටලා..

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

පාර්ලිමේන්තු අනුමැතිය ලබා නොගෙන සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කිරීම සහ මැයි මස පැවැත්වීමට නියමිත ETCA සාකච්ඡා වටය.

පසුගිය ජනවාරි 23 වන දින ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව අමාත්‍ය මලික් සමරවික්‍රම ඇමතිතුමා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ඕනෑම ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් ක්‍රියාත්මක කරන බවට ඔබතුමා විසින් මෙරට මහජනතාව හමුවේ ලබාදී තිබෙන පොරොන්දුව එමඟින් කඩවී ඇති බව අපි ඉතා කණගාටුවෙන් සඳහන් කරන්නෙමු.
මෙම ගිවිසුම තුළ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක විය යුතු බදු සංශෝධන, සේවා, ආයෝජන, භූමිය, සාගරය, ආගමන-විගමන, බුද්ධිමය දේපළ ආදී විවිධ ක්ෂේත්‍රයන් ආවරණය වී ඇත. එසේම මෙවැනි වෙළඳ ගිවිසුමක් හා බැදුණු පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කරන අණ පනත් සහ නීති රීති මෙම ගිවිසුම හා සම්බන්ධ කාර්යයන් සඳහා බල නොපවත්වන බවද ඔබතුමා වෙත අවධාරණය කරන්නෙමු. එවැනි පසුබිමක් තුළ මෙම සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුම පාර්ලිමේන්තුව මඟ හැර බලාත්මක කිරීම රටේ පුරවැසියන්ගේ පරමාධිපත්‍ය බලය හෑල්ලුවට ලක් කිරීමක් බව ඔබතුමාට ද වැටහෙන බව අපි විශ්වාස කරමු.

එසේම මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ඔබතුමා ඇතුළු සමස්ථ කැබිනට් මණ්ඩලයම නොමඟ යැවීම මඟිනි. එහිදී සඳහන් කර ඇත්තේ වෘත්තිකයන් ඇතුළු පාර්ශව කරුවන්ගේ අදහස් සැළකිල්ලට ගෙන මෙම ගිවිසුම සකස් කළ බවයි. නමුත් සත්‍යය දැන් හෙළි වී තිබේ. දිවයිනේ සියළුම වෘත්තීය සමිති සහ සංවිධාන මේ ගිවිසුම සකස් කිරීම සදහා තම අදහස් ලබා නොගත් බවට මාධ්‍ය නිවේදන නිකුත් කර ඇති අතර මේ වන විටත් මෙම ගිවිසුමට එරෙහිව අවම වශයෙන් නඩු හතක් වෘත්තිකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබේ.

එසේම මෙම ගිවිසුම තුළ ශ්‍රී ලංකාවෙන් අපනයන කරන භාණ්ඩ සඳහා සිංගප්පූරුව විසින් බදු සහන ලබා දුන් භාණ්ඩවලින් 99%ක්ම කොහොමත් සිංගප්පූරුව තුළ ලොව ඕනෑම රටකට බදු අය නොකරන භාණ්ඩ බව ඔබතුමා මේ වන විට දැනුවත් වී ඇතැයි අපි සිතමු. එසේම මෙම ගිවිසුම මඟින් සිංගප්පූරුවට බදු රහිතව ලෝකයේ ඕනෑම රටකින් පැමිණෙන භාණ්ඩ බදු රහිතවම ලංකාව වෙත අපනයනය කිරීමට සිංගප්පුරුවේ ව්‍යාපාරිකයන්ට පහසුවෙන්ම ඉඩ ලැබෙන බව සිංගප්පුරුවේ අදාළ අමාත්‍යාංශය විසින් මෙම ගිවිසුම අත්සන් කළ 2018 ජනවාරි 23 වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය මඟින් පැහැදිලි වේ.

මේ සියලු කරුණු ඔබතුමාට පවා දැනගන්නන්ට ලැබෙන්නේ මෙම ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක වන විටය. එයම සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය ක්‍රියාත්මක වන ආකාරය විසින් පවත්වනු ලබන “විනිවිදභාවය” පිළිබඳව මනා තක්සේරුවක් ලබා දෙයි.

එසේම 2018 මැයි 23 වන දින සිට මැයි 25 දක්වා ඉන්දු-ලංකා ආර්ථික සහ තාක්ෂිණික සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබඳව සාකච්ඡා වටයක් සදහා ඉන්දියානු නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව අපට දැනගන්නට ලැබී තිබේ. සිංගප්පුරු ගිවිසුම එකවරම අත්සන් කළා සේ ETCA ගිවිසුමද කිසිදු වගවිභාගයකින් තොරව එකවරම අත්සන් කර දැමීමට අදාළ අමාත්‍යාංශය විසින් නුදුරේදීම ක්‍රියාකරනු ඇති බවට එම අමාත්‍යාංශයේ පෙර හැසිරීම මඟින් අපට සාධාරණ සැකයක් මතුවී තිබේ.

අතිගරු ජනාධිපතිතුමනි, ඉහත සඳහන් කරන ලද කාරණා සැළකිල්ලට ගෙන පහත සඳහන් ක්‍රියාමාර්ග දෙක වෙත යොමු වන ලෙස අප ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

සිංගප්පුරු වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම.
මැයි මස කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු-ලංකා ආර්ථික සහ තාක්ෂිණික සහයෝගීතා ගිවිසුම (ETCA) සාකච්ඡා අත්හිටුවීම.

ලසන්ත වික්‍රමසිංහ (0716369828)
ලේකම්,
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

15,649 Viewers

11 Comments to “ඇමති මලික් ජනාධිපතිගේ කණෙන් රිංගා කැබිනෙට්ටුවත් රවටලා..”

  1. Saman says:

    IT evunta hoda vade. ….

  2. Love nature says:

    මේ රටේ පාලකයින්ට වැඩිපුරම අමතක වී ගිය අවවාදයක් ඇත්නම්, ඒ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දේවානම් පියතිස්ස රජු වෙත අනුදැන වදාළ අවවාදයයි. ”මහරජ, ඔබ මේ රටේ අයිතිකරුවා නොව, භාරකරුවා පමණයි.” යන අවවාදය අද වන විට මෙරටේ පාලකයන් අකමැතිම අවවාදය බවට පත්වී ඇත. ඒ අවවාදය පිළිපදින නායකයෙකු මහජන සංවාදය අනවශ්‍ය යැයි පවසන්නේ නැත, කවුරු අකමැති වුනත් මේ ගිවිසුම අත්සන් කරනවා යැයි පාරම් බාන්නේ නැත. මේ රටේ පොදු ජනයා විසින් පාලකයින් වෙත මිහිඳු මහ රහතන් වහන්සේගේ ඒ අවවාදය නිතර නිතර යළි මතක් කර දිය යුතුව ඇත. පාලකයින් හට අයිතිය පවරා අහක බලාගෙන සිටීම දැනුවත් පුරවැසියන් අතින් ඉටු නොවිය යුතු ය. එනිසා දැනුවත් පුරවැසියාගේ යුතුකම වන්නේ මෙම සංවාදය පෝෂණය කරමින් වඩා නිවැරදි මාවතකට මේ රට යොමු කර ගැනීමට උත්සාහ ගැනීමයි. අයිතිකරුවා සල්ලාලයෙකු වූ විට සිදුවන්නේ සිය පරම්පරා උරුමයෙන් ලද වස්තුව එකින් එක විකුණා ඉදිරි පරම්පරාවට හිමි විය යුතු සියළු දෑ අහිමි කර දැමීම බව අපි දැක ඇත්තෙමු.

    • දොරටුපාල says:

      “කවුරු අකමැති වුනත් මේ ගිවිසුම අත්සන් කරනවා යැයි පාරම් බාන්නේ නැත.”

      මමත් දැක්ක ඔය පාරම් බෑම! කවුද ඇමැට්ටා ඕක තිව්වෙ මතක නෑ!
      ඒ වෙලාවෙ මටත් හිතුනෙ ඕකම තමයි!

      මුං මහ මෝඩ උද්දච්ච හොර රැලක්- ලිචිචවි ක්‍රමේ ප්‍රජා තංතරවාදෙ කිය කියා හතර අතේ වනසනව- පලතුරු වත්තට පැන්න රිලා රංචුව වගේ!

      • Samuvel says:

        තවත් විදියකට කියනවානම්,කුකුල් කොටුවට පැන්න කලවැද්දන් වැනිය

  3. Love nature says:

    දැනට ක්‍රියාත්මක වන ඉන්දු – ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම කිසිදු සාධාරණ සමතුලිතතාවයකින් තොරව ඉන්දියාවට වාසිදායක වී ඇත. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඇතිකරගෙන ඇති නිදහස්‌ වෙළඳ ගිවිසුම නිසා අපගේ අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 40 සිට 325 දක්‌වා වැඩිවූ අතර ඉන්දියාව තම අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 500 සිට 3500 දක්‌වා වැඩිකරගෙන තිබිණි. ප්‍රතිශතය කෙසේ වෙතත් එම දෙකෙහි වෙනස කොතරම්දැයි බැලු විට එහි තරම සිතා ගත හැක. එයද අභිබවා යන මෙම සීපා ගිවිසුම මගින් භාණ්‌ඩවලට අමතරව සේවා වෙළඳාම, ආයෝජන නිදහසේ ගලායැම සහ රැකියා සඳහා දේශසීමා හරහා නිදහසේ ගමන් කිරීම ආදිය හරහා ශ්‍රීලංකාව මුළුමන්ම ඉන්දියාවට විවෘතවීම සිදුවේ.

    අපේ රටේ රැකියා විරහිත සංඛ්‍යාව ලක්‌ෂ තුනහමාරක්‌ පමණ වේ. එහෙත් ඉන්දියාවේ රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව ලක්‌ෂ හාරසිය පනහක්‌ පමණවේ. අඩු වැටුපට එන ඉන්දියානුවන්ට රැකියා දෙන්නට අපේ රටේ ඇතැම් ව්‍යාපාරිකයන්ද කටයුතු කලහොත් අපේ රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටය. අනෙක්‌ කරුණ නම් මෙරට බොහෝ බහුජාතික සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරීන් ඉන්දියානු ජාතිකයන් වෙති. මේ නිසා ඔවුන් තම සමාගම් සඳහා මේ නව ගිවිසුමත් සමඟ ඉන්දියානුවන් වැඩි වැඩියෙන් ගෙන එනු ඇත. එවිට ඊට විරෝධය පෑමටද ශ්‍රී ලංකා බලධාරීන්ට නොහැකිවනු ඇත.

  4. lion says:

    මේ අය කියන්නේ මේ ගිවිසුම් ගහන්නේ රටවල දෙකක් අතර වෙළදම කාර්යක්ෂම කරන්න කියලා. ඉන්දියාව වැඩියෙන්ම ගනුදෙනු කරන්නේ චීනය එක්ක. එහෙනම් ඉන්දියාව කරන්න ඕනා චීනය එක්ක වෙළද ගිවිසුමකට යන එක. හැබැයි ඉන්දියාව චීනය එක්ක සේවා සදහා තබා භාණ්ඩ සඳහාවත් කිසිම වෙළද ගිවිසුමක් නෑ

  5. chris says:

    ඌරො එහෙම තමා.

    • Asaranaya says:

      පඹයට කණක් තියනවද මලිකට රින්ඟන්න,, මළ කෝලම්, ඌ මහා ඌරු බීරි පෝතකයෙක්

  6. Love nature says:

    එට්කා පැමිණිමටත් පෙර සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල්වල රෙදි සෝදන කටයුත්ත ඉන්දියාවට පවරා ඇත ,මුන්ට තමා කියන්නේ දේශ ද්‍රෝහී කියා .

  7. Love nature says:

    එට්කා ආවොත් වෛද්‍යවරුන්ට වෙන හැටි..

    ඉන්දියාවේ වෛද්‍යවරයෙකුගේ වැටුප ඉන්දියානු රුපියල් අට දහසක් පමණි. එනම් ඔවුන් මසකට තිස් දහසක වැටුපකට වුවත් ලංකාවට එන්න නොපැකිලෙන බවට කිසිදු සැකයක් නැත.

    එසේනම් දෑස් හැර බලන්න.. වෛද්‍ය වෘත්තිය මෙයාකාරයිනම්, අනෙක් වෘත්තීන් කුමන අනතුරුදායක තත්ත්වයක්ද?

    • Rajasinha says:

      So it’s VERY GOOD. Our doctors demand will fall down and we could get doctor services for low cost.

Main News