ඇමති මහින්දානන්දත් විරෝධතාකරුවන්ට එක්වේ…

March 28, 2021 at 12:00 pm | lanka C news
ඇමති මහින්දානන්දත් විරෝධතාකරුවන්ට එක්වේ…

නාවලපිටිය නගර සභාව යටතේ පාලනය වන නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ සැහැල්ලු පන්දු තරග සදහා තණ තිරුවක් නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා විසින් ඉදි කිරිමට විරෝධය පාමින් (27) දින ක්‍රිඩාංගණය ඉදිරිපිට ක්‍රිඩකයන් සහ ක්‍රිඩා සමාජ සමාජිකයන් විරෝධතාවයක් පවත්වනු ලැබුහ.

2012 වසරේ මිලියන 350 ක වියදමින් එවකට ක්‍රිඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදි කරන ලද ක්‍රිඩාංගණයේ පාපන්දු , රග්බි, ජවන ක්‍රිඩා සදහා පමණක් ක්‍රිඩා කිරිමට පහසුකම් ඇති අතර, එම ක්‍රිඩාංගණය සැහැල්ලු පන්දු ක්‍රිකට් සදහා තණ තිරුවක් සකස් කිරිමෙන් ක්‍රිඩාංගණයේ සෙසු ක්‍රිඩා වලට බාධාවක් වන බවයි විරෝධතාවයේ නියැලි පිරිස කියා සිටියේ.

විරෝධාතාකරුවන් අතරට පැමිණි කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ජයතිලක ක්‍රිඩාංගණය තුල සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රිඩා කිරිම සදහා තණ තිරුවක් සකස් නොකරන ලෙසට සභාපතිවරයාට තමන් දුරකථනය ඔස්සේ දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දි ඇති බවත්, තවදුරටත් සභාපතිවරයා තමන්ගේ සහ ක්‍රිඩා අමාත්‍යංශයේ උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් ජයතිලක ක්‍රිඩාංගණය තුල සැහැල්ලු පන්දු ක්‍රිඩා සදහා තණ තිරුවක් සකස් කලහොත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ජයතිලක ක්‍රිඩාංගණය ක්‍රිඩා අමාත්‍යංශයට පවරා ගැනිමට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණය තුල රග්බි ක්‍රිඩාව සදහා පහසුකම් තිබුණද ගත වු වසර 03 තුල කිසිදු රග්බි තරගාවලියක් නොපැවැත්වුණ බවත්, පාපන්දු තරගාවලි කිහිපයක් සහ ජවන තරග කිහිපයක් පැවැත්වුණ බවයි.
නාවලපිටිය ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රිඩකයන් බොහෝ පිරිසකගේ ඉල්ලිමක් මත නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන්ගේද අනුමැතියට යටත්ව තමන් ක්‍රිඩාංගණය තුල ක්‍රිකට් තණ තිරුවක් සකස් කිරිමේ කටයුතු ආරම්භ කර එය තාවකාලිකව නතර කර ඇති බවයි.

ක්‍රිකට් තණ තිරුවක් සකස් කිරිම සම්බන්ධයෙන් මතු වි ඇති විරෝධතාවය සම්බන්ධයෙන් තම නගර සභාවේ මන්ත්‍රිවරුන් සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,970 views

One Comment to “ඇමති මහින්දානන්දත් විරෝධතාකරුවන්ට එක්වේ…”

  1. මේ වගෙ උන් පාර්ලිමේන්තුවට ආයේ එපා says:

    රගර් ගහන්න තියා ජිල් ගහන්නවත් ඇඟේ හයිය හක්තියක් නෑ… අපි මේ බන්දුල අන්කල් සතොසෙන් අවුරුද්දට තෑගි දෙනකම් බලන් ඉන්නෙ

Main News