ඇමති මහින්දානන්ද රජයේ ඉඩම් අක්කර 100ක් බෙදා දෙයි..

January 8, 2022 at 5:30 pm | lanka C news
ඇමති මහින්දානන්ද රජයේ ඉඩම් අක්කර 100ක් බෙදා දෙයි..

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නාවලපිටිය බෝහිල් වත්තේ අක්කර 100 ක් එම වතු යායේ තරුණයන් 100 දෙනෙකුට බෙදාදිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කරනු ලැබුහ.

එම අක්කර 100ක ඉඩම තුල කාබනික පොහොර භාවිතා කරමින් කහ , පලතුරු සහ ගොටුකොළ ඇතුළු යටි වගාවන් සිදු කරන බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

නාවලපිටිය බෝහිල් වතුයායේ මුඩු ඉඩම් වලින් ලබාදුන් අක්කර 100 තුලින් යටි වගාවන් සිදු කර එම වතු යායේ තරුණයන්ට ඉදිරියේදි විශාල අදායමක් උපයා ගැනිමට හැක.

එම ඉඩම් වල වගා කරන සියළුම බෝග වර්ග සදහා තාක්ෂණ දැනුම ඇතුළු සියළුම උපදෙස් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව විසින් ලබාදිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,793 views

3 Comments to “ඇමති මහින්දානන්ද රජයේ ඉඩම් අක්කර 100ක් බෙදා දෙයි..”

  1. Gamarala says:

    ජනතාවට අයිති තෙල් ටැංකි ටික ඉන්දියාවට වසර 50කට දන්දීලා ජනතාව නොමග යවන්න කරන උප්පර වැට්ටියක්. මේවාට රැවටෙන්න එපා.

  2. Man says:

    හොඳ වැඩක්

  3. සහන් says:

    එන්න අපි ජෙප්පොන්ට බණිමු

Main News