ඇමති මාරුව ගැන ලනු කෑ ඇමතිවරුන් ලතවෙද්දී ජනතාවට අලුත් අවුරුද්ද කොහා වෙනුවට කන කොකා හඩමින් සිටී…

April 7, 2017 at 12:00 pm | lanka C news
ඇමති මාරුව ගැන ලනු කෑ ඇමතිවරුන් ලතවෙද්දී ජනතාවට අලුත් අවුරුද්ද කොහා වෙනුවට කන කොකා හඩමින් සිටී…

පසුගිය මාස කිහිපයක්ම ඇමති මාරුවක් ගැන බොහෝ මාධ්‍ය වෙත තොරතුරු සපයමින් රටේ දැවෙන ප්‍රශ්න කිහිපයක්ම යට ගැහිම ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ උපායමාර්ගයක් විය.

රටේ පැවැති නියඟය නිසා ගොවිතැන පාලු වීම හාල් කිලෝවක් රුපියල් 100 දක්වා මිල ඉහළ යෑම මෙන්ම සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම බොහෝ දුරට ජනතාවගෙන් ඈත් කර තිබීම මෙම ඇමති මාරුවේ එක උපක්‍රමයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයාගේ එකඟතාවය නොමැතිව ජනාධිපතිවරයා තනි මතයට අමාත්‍ය ධූරයන් වෙනස් කිරීමට නොහැකි බව හොදාකාරව දන්නා බැවින් ජනතාව අතර රටේ උද්ගත්වන ප්‍රශ්න හමුවේ අදාල අමාත්‍යාංශවල වෙනස්කම් කොට සියලු ප්‍රශ්න විසදීමට හැකි බව ජනතාවට ඒත්තු ගැන්වීමට මෙම උපක්‍රමය තාවකාලික හරි ගියත් අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළෙඳපොළ වෙත එන ජනතාවගේ සීඝ්‍ර අඩුවීමක් පෙනෙන්නට ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

30 views
Main News