ඇමති මාරුව ස්ථිරයි.. මුදල්, මහාමාර්ග, පාලත් පාලන, ධීවර වෙනසක්.. ගීතා වෙනුවට පත් කරන පියසේනටත් ඇමතිකමක්..

May 14, 2017 at 6:12 am | lanka C news
ඇමති මාරුව ස්ථිරයි.. මුදල්, මහාමාර්ග, පාලත් පාලන, ධීවර වෙනසක්.. ගීතා වෙනුවට පත් කරන පියසේනටත් ඇමතිකමක්..

මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින් තම හිතවතුන්ට පවසා ඇත්තේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා විසින් යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඉදිරි සතිය තුල සිදු කරන බවයි. මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ද මාධ්‍ය වෙත පසුගිය දා ඉහියක් පල කලේය.

එමෙන්ම අමාත්‍ය සරත් ෆොන්සේකා ද මෑතකදී මුදල් අමාත්‍ය රවි කරුණානායක සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ මෙතරම් දක්ෂ පුද්ගලයකු මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට සුදානම් වීම ප්‍රශ්නයක් බවයි.

මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර සහ දුමින්ද දිසානායක සඳහා වැඩි වගකීමක් සහිත අමාත්‍ය ධූරයන් හිමිවිමේ වැඩි ඉඩ කඩ ඇති බවට එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම පැහැදිලිවම රවි කරුණානායක සහ ලක්ෂමන් කිරිඇල්ල සඳහා වෙනත් අමාත්‍යාංශය පැවරීමටත් ගාල්ල දිස්ත්‍රික්ය සඳහා ගිතා කුමාරසිංහ වෙනුවෙන් පත්වීමට නියමිත පියසේන ගමගේ වෙනුවෙන් වැදගත් අමාත්‍ය ධූරයක් ලබාදීමට සැලසුම් කරන බව ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වයේ ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.

3 views

9 Comments to “ඇමති මාරුව ස්ථිරයි.. මුදල්, මහාමාර්ග, පාලත් පාලන, ධීවර වෙනසක්.. ගීතා වෙනුවට පත් කරන පියසේනටත් ඇමතිකමක්..”

  1. kamalsirikuruwita says:

    රවිට නම් ෂුවර් එකටම මුදල් එකට වඩා හොඳ ආදායම් ලැබෙන වෙන එකක් ලැබෙයි.

  2. Saradiel says:

    රජපසු කුලේ රට කරවන බූරුවනේ
    අතපසු කලේ තොප රජකළ වීරුවනේ
    සැපපසු ලොලේ කිමිදෙන ඔබ සුවයහනේ
    ජනපසු බලේ අද හෙට තොප වනසන්නේ

    • asaranaya says:

      හිසේ ඇම්ම හැදි කොට්ටය ගැන හොයලා
      මයි තුනයා දඟලයි පපු තද වීලා,
      රටට හෙනේ ගෙනදීලා මුන් කෙළෙලා,
      පලයව් යන්න බලු රැළ මක බෑ විලා.

  3. Aurora says:

    ඇමතිකමත් සුදානම්, චන්දෙ තමයි අවදානම්.

  4. gadol says:

    ඇමති මාරු අපට උවමනා නැත රජය මාරු විය යුතුය

  5. අනේ අප්පේ කොහෙන්ද බං මම හිනා වෙන්න ඕනේ, මේවා අහල දැකලා පන පලයං පෙරේදා කීවලු, ජහ පාලනේ වෙනස දැක්කා නොවැ. තවත් ජහ ජහ ගහන ගං හිවල්ලු ඉන්නවා නොවැ.

  6. Dickie Bird says:

    Geetha is yet Not Out………………………… Piyasena can stand out.
    If geetha gets ousted, there are many heads to roll in the parliament who are in the same position.

    Lets see the sellang then.

  7. sampath says:

    Piyasena gamage emathithumata sudusuma vocational trainning and skill developmet eth parana purudu niladarin gen epa

Main News