ඇමති රවි ඇමති මංගලගේ පලු අරී..

July 16, 2019 at 2:10 pm | lanka C news
ඇමති රවි ඇමති මංගලගේ පලු අරී..

ස්ථාවර විදුලි ජනන සැලැස්මක් තුළින් වරින් වර සිදුවන විදුලි බිදවැටීම් යථා තත්ත්වයට පත් කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කතරගම කිරිවෙහෙර සහ දේවාල පරිශ්‍රයේ පැවති විදුලි ආලෝක පූජාව ඇතුළු පුදපූජා රාශියකට සහභාගි වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශයෙන් ලබාදිය යුතු මුදල් නිසි පරිදි ලබාදෙන්නේනම්, මේ ගැටළු මේ ආකාරයෙන් ඇති නොවන බවද ඒ මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශය නිසි ඉදිරි දැක්මක් නොමැතිව කටයුතු කිරීම තුළින් නිකරුණේ ආණ්ඩුවේ වියදම් වැඩිවන එක පමණක් සිදු වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙරට ගැටළුවලට මැදිහත් වන්නට ඉඩ නොදිය යුතු බවද ඒ මහතා පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“කතරගම ප්‍රදේශයේ වරින්වර විදුලිය විසන්ධි වෙනවා කියලා චෝදනා තිබෙනවා. කතරගම පමණක් නොවෙයි රටේ නොයෙක් තැන්වල මේ තත්ත්වය මෙහෙම සිද්ධ වෙනවා.

මේකට ප්‍රධානම හේතුව තමයි නිසි ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම. දැන් අපි නිසි ජනන සැලැස්මක් ඇති කිරීමට ක්‍රියාකරමින් සිටිනවා.

තව මාස 06 ක් 07 ක් යනකොට ස්ථිර ජනන සැලැස්මක් තුළින් මේ ආකාරයේ වරින් වර විදුලිය බිදවැටීම් සම්පූර්ණයෙන් නවත්වන්න හැකිවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස් සමග කතා කරලා, එකම තීන්දුවකට ඇවිත් තිබෙන්නේ ස්ථාවර විදුලි ජනන සැලැස්මක් සහිත විදුලි පද්ධතියකට ගමන් කරන්න.

විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කරුණානායක මහතා කතරගම පුදබිමේ, පිවිසුම් මාර්ගයන්හි පැවති විදුලි අඩුපාඩු සම්පූර්ණ කරදීම සහ කතරගම පූජා භූමියට විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමාධිපති ස්වාමීන් වහන්සේ, කතරගම බස්නායක නිළමේ මෙන්ම මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමියද අමාත්‍යවරයාට විශේෂ ස්තුතියක් පුදකරන ලදී.

“ඛනිජ තෙල් සංස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයෙන් කෝටි 6900 ක් ගෙවන්න තිබෙනවා.

ඒ වගේම මුදල් අමාත්‍යාංශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රු. කෝටි 8100 ක් ලැබෙන්න තිබෙනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ අපට අරමුදල් ලබාදිය යුතු ස්ථානයක්.

නමුත් මුදල් අමාත්‍යාංශය මේ අවස්ථාවේ දෙන එකම විසදුම තමයි ණයක් ගන්න කියන එක. ණයක් ගත්තම විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් යන දෙකටම ණය බරක් ඇති වෙනවා.

මේ වගේ කිසිම ඉදිරි දැක්මක් නැතිව වැඩ කිරීම තුළින් නිකරුණේ ආණ්ඩුවේ වියදම් වැඩිවන එක පමණයි වෙන්නේ. පොලී ප්‍රමාණය වැඩිවන විට බැංකු පොහොසත් වීමක් විතරයි වෙන්නේ.

අපි මොනදේ වුනත් ගෘහස්ත පාරිභෝගික විදුලිබිල කිසිසේත් වැඩි කරන්න දෙන්නේ නැහැ. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ගැටළුවලට අතදාන්න බලාගෙන ඉන්නේ.

මුදල් අමාත්‍යාංශයෙන් ලබාදිය යුතු මුදල් අපට ලබාදෙනවානම්, මේ ගැටළු මේ ආකාරයෙන් ඇතිවන්නේ නැහැ ”

– adaderana

30,771 Viewers

11 Comments to “ඇමති රවි ඇමති මංගලගේ පලු අරී..”

  1. සිංහල බන්ඩා says:

    යහපාලනය පසු ගිය වසර හතරහමාරට විදුලි බලාගාර කීයක් අලුතින් හැදුවද? එකක්වත් නැහැ. මුන් දැන් කරන්නෙ කොමිස් ගහන්න අධික මිලට බලාගාර නැව් ගෙනෙන එකය්.

  2. Ba Ba Boos says:

    Boru Hila… Both are Kan Kan Buroos. Must be sorted out sooner. Blame Mahinda for not doing it when he was in charge then. Sri Lanka should have been two problems less.

  3. HENA says:

    anakota gena thope kuttiya wedi kara gannilla…apawa huran kala ekath reela ..ekath kala. merila pala

    ratata karana winnehiyata

  4. අප්පුහාමි says:

    වසලයන් 225ම උන්ගේ පිරිවර පරපුර හා දැසිදැස්සන් සමගම එලවා දමා රට බේරාගමු.

    • vishnu says:

      ඔක්කොටම කලින් මේ වසල අප්පුහාමියව
      මේකෙන් පන්න ගන්න විධියක් නැද්ද

      • නාගානැන්ද says:

        පුලුවන්! ඕකගෙ අන්ජ බජල් කොමෙන්ට් කියවන්නේවත් ඒවට උත්තර බඳින්නේවත් ඉඳිමු.

  5. gunapala says:

    Ravi is a failure. He destroyed UNP in so many ways. 2001 UNP got defeated ‘cos this man’s CWE programs. RW should take immediate steps to put this man away from UNP politics. In many ways he is trying to sabotage the unity of the party. He is also having secret talks with MR. Be careful of this crook and get rid off.

  6. Rata Wenuwen says:

    රවියෝ සමනල මන් ඟලෙ පලු අරින්නෙපා බන් මිනිහා දේශපාලනෙන් සමුගන්න ( අතුගෑවිලා ) යන්නෙ හදන්නේ

  7. Sun says:

    All ministers are just imitating as good professionals but they know where they are from their minds. They lost the path thinking the American life style is the best in the world by looking at the color of people if not big buildings. But they do not know that their sincerity, hey are very good actors. Their hearts are boiling with internal pressure and blood pressure due to inner irritation. Still these people want to behave like american puppets my friends.

  8. sunimal says:

    මුන්සේරම ජනතාව රවටන්නේ චන්දේ නොදෙන්න

Main News