ඇමති රවි කරුණානායක ඉල්ලා අස්වන බව ජනපතිට දන්වයි..
August 9, 2017 at 10:40 am | lanka C news
ඉදිරි දින කිහිපය ඇතුලත හිටපු මුදල් ඇමති වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානමින් සිටින්නේ යයි අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට දන්වා ඇත.
ඊයේ රාත්රියේ පැවති ශ්රීලනිප ආණ්ඩු පක්ෂ කණ්ඩායම් හමුවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කලේ යයි ඇමතිවරයෙකු පැවසීය.
මෙම හමුවේදී ඇමති රවි කරුණානායක මහතාට එරෙහි විශ්ාවස භංග යෝජනාව ගැන දීර්ඝ වශයෙන් සාකච්චා වී ඇත.