ඇමති රවි බැදුම්කර හොරා වෙන්නේම නෑ.. ඒක ස්ථිරයි.. කොමිසමේදී නිර්දෝෂිබව ඔප්පු කලා..- එජාපය කියයි..

August 3, 2017 at 1:20 pm | lanka C news
ඇමති රවි බැදුම්කර හොරා වෙන්නේම නෑ.. ඒක ස්ථිරයි.. කොමිසමේදී නිර්දෝෂිබව ඔප්පු කලා..- එජාපය කියයි..

ඇමති රවි කරුණානායක මහතා මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වැරදීමකින්වත් වරදකරුවෙකු නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඊයේ දිනයේ බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීම සදහා පැමිණි ඇමති රවි කරුණානායක සමග පැමිණි මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

මත්ත‍්‍රීවරයා තව දුරටත් පෙන්වා දුන්නේ අද වන විට රටේ නීතියක් ඇති බව වත්මන් ආණ්ඩුව විසින් ඔප්පු කර ඇති බවයි.

ඇමති රවි කරුණානායක බැදුම්කර කොමිසම හමුවට පැමිණියේ සිය නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

116 views