ඇමති රවි වහා ඉල්ලා අස්වනු..- කතානායක කරුට උඩින් නියෝජ්‍ය කතානායක තිලංග කියයි..
August 10, 2017 at 3:23 am | lanka C news
ආණ්ඩුවේ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම සඳහා වහාම විදේශ අමාත්‍ය රවි කරුණානයක මහතා තම අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්විය යුතු යයි නියෝජ්‍ය කථානායක එමෙන්ම ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවේ පත්කල මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පුනර්ජීවන සංවර්ධනය සම්බන්ධ අතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේ දි ප්‍රකාශ කොට ඇත.
එහිදි නියෝජ්යා කථානායක තිලංග සුමිතිපාල මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමා මෙසේ පවසනුයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වශයෙන් නොවන බවත් ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු වශයෙන් බවයි.
එහෙත් පාර්ලිමේන්තුවේ උත්තරිතර තනතුරක් දරන ස්වාධීන පුද්ගලයකු වශයෙන් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩල සමාජිකයකු සම්බන්ධව මෙසේ කරුණු දැක්වීම මෙන්ම අමාත්‍යවරයෙකුට ඉල්ලා අස්විය යුතුය යන්න පැවසීම ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා කිරීමට කල ප්රකාශයක්ට වඩා බරපතළ වනුයේ එම ප්‍රකාශ කරනු ලබන්නේ නියෝජ්‍ය කථානායක ලෙස රාජකාරි කටයුත්තකට සහභාගි වෙමින් සිටියදි වීම ය. Link