ඇමති රාජිතගේ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතයයි..?
May 22, 2018 at 1:20 pm | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.
පිරබාහරන් මහත්මයෙකු කරමින් ද කොටි ත්‍රස්තවාදින් චතුර සේනාරත්නගේ සහෝදරයින් කරමින් ද දෙමළ සංහාර දිනය සැමරීම වරදක් නැතැයි කියමින් ද රජයේ නිල මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා රජයේ නිල මාධ්‍ය හමුවේ දී කළ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතය නොවේ යැයි දැන් ආණ්ඩුවේ සමහර ඇමතිවරු දිගින් දිගටම ප්‍රකාශ කරනවා. එතුමන්ලට එහෙම කියන්න සිහිපත් වුනේ වෙන කුමක් නිසාවත් නොවෙයි මේ සමාජයෙන් ඊට දරුණු විරෝධයක් එල්ල වන නිසා.
ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමතිතුමා ආණ්ඩුවේ නිල මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතය නොවේ කියලා කියන්න අනිත් ඇමතිවරුන්ට පුළුවන් ද? රාජිත ඇමතිතුමා තමයි ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක. ඒ වගේම ඒ ආණ්ඩුවේ නිල මාධ්‍ය හමුවේ දී. එහෙම ප්‍රකාශයක් ආණ්ඩුවේ නිල මතය නොවේ කියන්න අනිත් ඇමතිවරුන්ට තිබෙන අයිතිය කුමක් ද?
ආණ්ඩුවේ නිල මතය ප්‍රකාශ කළ හැක්කේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකට පමණයි. ඔහු ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ නිල මතය නොවේ නම් ඔහුව ඉවත් කර වෙනත් අයෙකු පත් කළ යුතුයි. නමුත් මේ මොහොත වන විටත් ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමතිතුමා. ඒ කියන්නේ අනිත් ඇමතිවරු මොනවා කිව්වත් ජනපති සහ අගමැති දෙන්නාම රාජිත ඇමතිගේ ප්‍රකාශය අනුමත කරන බවයි.
– අරවින්ද අතුකෝරල
ප්‍රා දතා කොටි ත්‍රස්තයෙක්.
හරියට හරි. අපි හැමෝම පිලිගන්නෙ මේක ආණ්ඩුවේ නිල මතය කියල. ඒ උඩ අපි ඊලඟ ඡන්දෙදි තීරනය කරමු.
OBA HARIYATAMA HARI.
THAWA WENATHURU
MY3 WATH RANIL WATH
KISEMA PRAKASANA YAK NAHA.
ආණ්ඩුවේ නිල මාධ්‍ය හමුවලදී ආණ්ඩුවේ නිල මාධ්‍ය ප්‍රකාශකයන් ප්‍රකාශ කරන්නේ රජයේ ස්ථාවරය නොහොත්, රජය කිසියම් කරුණක් පිලිබඳ දරණ නිල මතය බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. රජයේ නිල මාධ්‍ය හමුවලදී එකී නිල මාධ්‍ය පකාෂකයන් තම තමන්ගේ පුද්ගලික මත පරකාශ කරන්නේ නම් එය රජයේ නිල මාධ්‍ය හමුවක් විය නොහැක. ඇතැම් අවස්ථා වලදී නිල ප්‍රකාශකයන් රජයේ නිල මතය මෙසේ වුවත් ඒ පිළිබඳව මා දරණ පුද්ගලික මිතය එසේ නොවේ යයි පැහැදිලි කරන අවස්ථා අප කොතෙකුත් දැක ඇත. එමනිසා නිල ප්‍රකාශකයෙක් ආණ්ඩුවේ නිල මාධ්‍ය හමුවකදී මෙය මා දරන පුද්ගලික මතය මිස රජයේ ස්ථාවරය නොවේ යයි විශේෂයෙන් ප්‍රකාශ නොකල හොත්, ඔහු විසින් ප්‍රකාශ කරන ලද්දේ රජයේ නිල මතය බව පිළිගැනීමට සිදුවේ. කිසියම් ප්‍රමාද දෝෂයක් නිසා එසේ පැහැදිලි කිරීමක් කිරීමට නොහැකි වුව හොත් පසුව, එය රජය විසින් දරන නිලමතය නොව තමන්ගේ පුද්ගලික මතය බවට මහජනතාව දැනුවත් කිරීම නිල මාධ්‍ය පරකාෂකය්න්ගේ මෙන්ම රාජ්‍ය නායකයන්ගේ යුතුකමකි. තමන්ගේ අවජාතක දරුවන් පිළිබඳව සම මාධ්‍ය පරකාෂක කල ප්‍රකාශය, තමන්ගේ පුද්ගලික මතය බව ඔහු විසින් හෙළි නොකිරීමත්, මෙපමණ විරෝධතා එල්ල වන විටත් රාජ්‍ය නායකයන් දේපල මුනිවත් රැකීමත්, නිසා එය අනිවාර්යයෙන්ම රජයේ නිල මතය බව පිළිගැනීමට සිදුවේ. රජයේ මතය ප්‍රකාශ කිරීම සඳහා නිල මාධ්‍ය ප්‍රකාෂකයන් පත් කර සිටයදී නිල නොලත් වෙනත් පුද්ගලයන් එය එසේ නොව මෙසේ යයි කියමින් ප්‍රකාශ නිකුත් කිරීම විහිළුවකි.