ඇමති රාජිත ආණ්ඩුවෙන් ඉවත් වන වේලාව පැමිණේ..

June 18, 2019 at 12:02 am | lanka C news
ඇමති රාජිත ආණ්ඩුවෙන් ඉවත් වන වේලාව පැමිණේ..

ඇමැති රාජිත සේනාරත්න මහතා ඕනෑම ආණ්ඩුවක සිටින්නේ එම ආණ්ඩුව නහය ගාවට වතුර පිරෙන තෙක් පමණක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ආණ්ඩුව පෙරලෙන්න ඔන්න මෙන්න තිබියදී රාජිත සේනාරත්න මහතා ඉන් ඉවත්වන බවත් ඒ අනුව රාජිත සේනාරත්න මහතාට ඉවත් වීමට කාලය පැමිණ ඇති බවත් ඔහු පවසයි.

ඇමති මංගල සමරවීර සමග සිගරට් ප්‍රශ්නයක් සාදාගෙන රාජිත සේනාරත්න මහතා සිදු කරන්නට හදන්නේ එය බව ද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විදේශයන්ගෙන් සිගරට් ආනයනය කළහොත් තමන් ඇමති ධූරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත්ව මුලින්ම කැරලි ගහන්න අරඹන්නේ තමන් බවට ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට කියා සිටියේය.

63 views
Main News