ඇමති රාජිත කම්පා වෙයි.. සය දරු දිළිදු පවුලකට නව නිවසක් සාදා දෙයි..

December 18, 2016 at 8:02 am | lanka C news
ඇමති රාජිත කම්පා වෙයි.. සය දරු දිළිදු පවුලකට නව නිවසක් සාදා දෙයි..

අලුත්ගම මොරගොල්ලේ පදිංචි චිත්‍රාංගනී ද සිල්වා මහත්මිය ඇතුලු දරුවන් 06 දෙනාට නිවසක උරුමය සිහිනයක් වී තිබුනි. එම සිහිනය සැබෑ කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ රාජිත සේනාරත්න පදනම විසින් නව නිවසක් ඉදිකිරිම ආරම්භ කළේ මිට මාස 04 කට පෙරයි.

ලෑලි ගැසූ නිවසක හිමිකරුවන් වූ ඔවුන් අද වනවිට අංග සමපුර්ණ නිවසක හිමිකරුවන් බවට පත්ව ඇත. රුපියල් ලක්ෂ 06 කට වැඩි මුදලක් වැය කරමින් ඉදි කළ මෙම නිවස එම පවුල වෙත පරිත්‍යාග කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.

එහිදී චිත්‍රාංගනි ද සිල්වා මහත්මිය සදහන් කළේ තම එක් දියණියක් ඉටිකොල ගැසූ නිවසක දරුවන් දෙදෙනා සහ සැමියා සමග ජීවත්වන බවයි.

එය අසා කම්පාවට පත් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට ද නව නිවසක් ඉදිකර දීමට මෙහිදී පොරොන්දු විය. මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිීතිගත සංස්ථාෙවි සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ද එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

9 views
Main News