ඇමති රාජිත කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති චම්පිකගේ රෙදි ගලවා දමයි.. දයාසිරිත් සද්ද වහගනී..
June 28, 2017 at 10:42 pm | lanka C news
සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කල යුතු බවට කිසිවෙකු කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශම කලේ නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ අදහස් පල කලේ මාධ්‍යවේදීන් විසින් කල විමසීමකදීය.
ඇමතිවරුන් වන චම්පික රණවක, දයාසරි ජයසේකර අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ සයිටම් අහෝසි කල යුතු බවයි.
ඇමති රාජිත සේනාරත්න පැහැදිලිවම කියා සිටියේ එලියේ එසේ කියුවද කැබිනට් මණ්ඩලයේදී ඔවුන් එසේ සදහන් නොකල බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා නොකරන ලෙස කියා සිටියේ ඇමති චම්පික යයිද ඔහු එහිදී වැඩි දුරටත් කීය.